IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ළමා දිනය සමරන්න සිසුවෝ 4ක් පාසලට අරක්කු ගෙනත්

(එම්.සුසිල් ප්‍රියන්ත)

ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු  අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.

මෙසේ බාරයට ගත් සිසුහු සිව් දෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිටින අය වෙති.

ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඔවුන්ගේ මවුපියන්ට පෙරේදා (1) පස්වරුවේම බාර දුන් බව ද පොලීසිය කියයි.

අනතුරුව මෙම සිව් දෙනා මවුපියන්ගේ කැමැත්ත සහිතව එම පාසලෙන් ඉවත් කර ගෙන ඇතැයි විදුහල් ආරංචි මාර්ග කියයි.

ලෝක ළමා දිනය පැවැති පෙරේදා (1) සිසුන් සිව්දෙනා වතුර බෝතලයකට මත්පැන් පුරවා පාසලට රැගෙන පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

මත් වතුර රැගෙන ආ බවට විදුහලෙන් ලැබුණු තොරතුරකට අනුව ඔවුන් සිව්දෙනාම සිය බාරයට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔවුන් හික්කඩුවේ මත්පැන්හලකින් මත්පැන් මිලට ගෙන වතුර බෝතලයකට දමාගෙන පැමිණ ඇති බව අනාවරණය වීයැයි පොලීසිය කියයි.

 



අදහස් (6)

ළමා දිනය සමරන්න සිසුවෝ 4ක් පාසලට අරක්කු ගෙනත්

ජිල්බු Friday, 03 October 2025 08:42 AM

බාර් එකේ නම දැම්මා නම් අනික් ළමයින්ට ලේසියි.

:       0       0

ravin Friday, 03 October 2025 09:01 AM

බොහොම ලේසි මත්පැන් අලවිකල වෙළඳසැලේ බලපත්‍රය වහාම අවලංගු කර, එහි ඇති සියලුම මත්පැන් පරීක්ෂණයට භාජනය කර, අධිකරණ ක්‍රියාමාර්ග ගන්න.

:       1       11

BeruvewelaSaturday, 04 October 2025 08:01 AM

මෙතනට ගෙනාවේ බලපත්‍ර සහිත තැනකින්ම ගෙනාව කියල නැහැනේ. මේවා දිනකට ලක්ෂ පහක හයක ආදායමක් ලබන ඒත් කිසිම බද්දක් රජයට නොගෙවා පොලොස් කොට්ටෝරුවන්ට ගෙවා රැකවරණය ගන්නා කෙනෙකුගෙන්ද කියල කවුද දන්නේ.

:       0       0

kasun Friday, 03 October 2025 09:09 AM

මේ මේ මේ බනිනවා එහෙම නෙමෙයි ළමයින්ට හරිද. ඇය ළමයිට මානසික පීඩාවක් වේයි. අනික ඉතින් ඕක මොකද්ද. මොකෝ ටීචර් ට පාන් ද? පුළුවන් නම් 5000 කුයි තව මොනාව හරි දෙන්න ෆන් එකක් ගන්න කියලා. අපේ බිමල් මාමගෙන් අහන්න එයා ඕවා දන්නවා.

:       6       9

ruwan Friday, 03 October 2025 09:11 AM

මේ පින්තූරේ ඉන්න පොලිස් මාමා නිකං මටත් ටිකක් දෙනවද කියලා අහනවා වගේමට පේන්නේ.

:       1       4

B Amarasinghe Friday, 03 October 2025 11:30 AM

හොඳ වෙලාවට අර පනත තවම සම්මත වෙලා නෑ

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1421 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site