ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය.
එම වරදකරුට සමාව ලබා දීම හේතුවෙන් හංගේරියාව තුළ ළමා අපයෝජකයන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව තුල සැකයක් මතුව ඇති බවත් ජනාධිපති සමාව ලබා දීමේදී තාර්කිකව නොසිතීම තමන් කළ අත්වැරැද්දක් බවත් ඒ හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් නොවැක් මහත්මිය පැවැසුවාය.
පසුගිය සිකුරාදා නොවැක් මහත්මියට සිය ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් බුඩාපේස්ට් නුවරට එකතු විය.
පසුගිය අප්‍රේල් මාසයේදී නොවැක් මහත්මිය වරදකරුවන් 24 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන්නාය. ඒ අතර වසර 12 ක කාලයක් තුළදී වරින්වර බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කළ ළමා නිවාසයක හිටපු අධ්‍යක්ෂවරයකුට ඔහුගේ අපරාධ සැඟවීමට උදව් කළ එම ළමා නිවාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුද වූවේය.
2004 සිට 2016 වසර දක්වා කාලය තුළ බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂවරයාට වසර අටක සිර දඬුවමක් නියම වී තිබූ අතර අපරාධ සැඟවීමට උදව් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වසර තුනක සිර දඬුවමක් නියම වී තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඒ ළමා නිවාසයේ අධ්‍යක්ෂකතුමා ජනාධිපතිතුමා ජනාධිපති කරගත්තා...!
ලැජ්ජාව තියෙන "මිනිස්සු " ඉන්න හංගේරියාවේ එහෙම වුනාට , අපේ ධර්මද්වීපයේ කතාන්දරය වෙනස් ...තම පෙම්වතියගේ හිස 65 වතාවක් බිත්තියේ ගසා මරපු මිනීමරුවාට අධිකරණයෙන් ජිවිතාන්තයටම සිරදඬුවම් නියමකලා , එත් ..කහ රෙද්දක් පොරවාගත්ත ජූජක බමුණෙක් ඇවිත් හිටපු ජනාධිපති පතෝල සිරාට යෝජනාවක් කළා ..ලක්ෂ 900 ක් !!! " තරුණ වයසේ සිදුවන දේවල් නිසා තරුණ ජිවිත විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ " පතෝල සිරා කිව්වා . ..විශේෂ ජනාධිපති සමාවක් යටතේ ,අර කෙල්ලට දස වදදිලා මරපු මිනීමරු මස් වැද්දා නිදහස් !!! නිදහස්වෙලා සුමානෙකින් ඒකා මේ රටෙන් ආයේ නොඑන්නම කොහේදෝ රටකට පැනගත්තා . ලක්ෂ 900 ය හොර ඝනයත් පතෝලයත් ගානට බෙදාගත්තා.කරලා තියෙන අසික්කිත වැඩ නිසා රෙදි ඇඳගෙන ජනතාවට මුහුණ දෙන්න බැරි පතෝලයයි ,රතන ජූජක බමුනයි තවමත් අමු හෙළුවෙන් පොලිටික්ස් කරනවා.
අපේ අවාසනාවට මේවගේ ජනාධිපතිවරු මෙහෙ නැත්තේ
මෙහෙත් අපේ මිනිස්සු දේශපාලකයන්ව එහෙම ගෙදර යවනවා. ඒත් වේලි වේලි ඉද්දී පින් තකා ආයෙත් අල්ලන් ඇවිත් පුටුවේ ඉන්දුවා. ඒකයි වෙනස...
ලංකාවෙනම් මිනීමරුවන්ටත් ජනපති සමාව හිමිවෙනව කිසිම හිරිකිතයක් නැතුව !!!