(නාලක ජේ.හෙට්ටිආරචිචි සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)

සැකකරුවන් පිරිසක් ගැන ලැබුණු තොරතුරකට අනුව වැටලිමකට ගිය බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථාණාධිපතිවරයා සැකකරුවකු පසුපස ලුහු බඳිද්දී බිම ඇද වැටී  ඔහුගේ ඉණේ තිබූ රාජකාරි පිස්තෝලය පත්තුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

අද අලුයම හතරයි පණහට පමණ බලන්ගොඩ මුගුනමලේ ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කිසියම් අපරාධයකට සම්බන්ධවිමට සැකකටයුතු අයකු හෝ කිහිප දෙනකු බලන්ගොඩ මුගුණමලේ ප්‍රදේශයේ කැලෑවක සිටින බවට ලද තොරතුරකට අනුව අපරාධ ව්මර්ශණ අංශයේ ස්ථාණාධිපතිවරයා සහ සැරයන් 53427 දයානන්ද මහතා එම ප්‍රදේශයට ගොස් තිබේ.