(ගයාන් සූරිය ආරච්චි)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වූ නීතිවිරෝධී වාහන පැවරීමකට අදාළ විමර්ශනයකට සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව, රේගු බදු නොගෙවා අනිතික ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර, පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංක ලබා දෙමින් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කිරීම යන චෝදනා මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd