දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අද (27) පස්වරුව 4 ට සාකච්ඡාවක් පැවැත්වෙන බව දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන අතර ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිතව තිබේ.
මීට දශක තුනකට හතරකට පෙර දෙවිනුවර ඇසළ පෙරහැරට කාවඩි නර්තනය ඇතුළත්ව තිබුණද, පසුගිය වසර කිහිපය තුළ එහි බරපතළ විනය පිරිහීමක් දක්නටලැබුණ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසිය. ඒ අනුවකාවඩි නර්තන ශිල්පීන්ගේ ඇඳුම්වල පවතින ගැටලු සහ සමහරක් පුද්ගලයන් අඩ නිරුවති න් හෝ රහස් ප්‍රදේශ පෙනෙන අයුරින් අශෝභන ලෙස නර්තනයේ යෙදීම, නර්තන ශිල්පීන් බහුතරයක් අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම යනාදී කරුණු කිහිපයක් අනුව කාවඩ් කණ්ඩායම් කිහිපයක් වෙත පෙරහරටඑක්විම තහනම් කිරිමට නිළමේ වරයා කටයුතු කළ බව ඔහු පෙන්වා දුන්නේය.
නමුත් පිරිසකට පමණක් අවස්ථාව දීමේ තීරණයත් සමග, ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් කිහිපයක් අතර යම් සංවාද සහ නොසන්සුන්තා කිහිපයක් ඇතිව ඇති බවත්, එනිසා පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවූ බව පැවසීය.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කාවඩි අංගය පමණක් පෙරහැරෙන් ඉවත් කිරීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණද, අද උදෑසන දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සියලුම කාවඩි කණ්ඩායම්වලට පෙරහැරට සහභාගි වීමට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙරහැරේ ආරක්ෂාව උදෙසා කාවඩි නර්තන කණ්ඩායම් සහභාගි කරවා ගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවාල / දේවාල පෙරහැර බෞද්ධාගම සම්බන්ධ වූ දෙයක් නොව මිත්‍යාව පසුපස යාමක් පමණයි නේද?
බහුතරයක් ගෝත්‍රික ජනතාවක් වාසයකරන සිරි ලංකාව, මිත්‍යාව, හොරකම, බොරුව, වංචාව දේවත්වයෙන් පුදයි. ඉතිං මිත්‍යාවම තමයි මේ අයට අවශ්‍ය.
මේක පිටිපස්සේ අනිවාර්යයෙන්ම රාජපක්ෂලා ඉන්නවා.
ඇත්තටම දැන් ඔය දකුණු පළාතෙ කෙරේගෙන යන කාවාඩි නැටුම් ඇත්ත කාවාඩි නෙමෙයි. තනිකර විකෘතියක් සහ සමාජ ව්‍යසනයක්.
ලාල්ගේ කතාව සත්‍ය වේ. මේය ශ්‍රී ලංකාවේ සිටින නමට බෞද්ධ සත්‍යවශයෙන්ම හින්දු ආගමික අය සඳහා කරන ලද වැඩ.
මේවා ආගම් හා බැඳුනු සංස්කෘතික අංග. දැන් වෙලා තියෙන්නේ, ආගම දෙවෙනි තැනට දාල මේවා මූලික වෙලා. දලදා පෙරහැරත් ඒ වගේ තමයි. සංස්කෘතික අංග රටකට අත්‍යවශ්‍යයි, නමුත් ඒව අදහන්න යන එකෙන් ප්‍රශ්න ඇතිවෙනවා.
කුමන ක්‍රයාවකින් උනත් මහජන ආරක්ෂාවට තර්ජන තිබෙන්නේම මොන දෙයියෝ කුලප්පු උනත් , ඉඩ නොදිය යුතුයි.