(සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ බොහෝ පිරිසක් අධිකරණයෙන් ඇප ලබා සිටින හෙයින් ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

පිරිසක් හිරේ ගොස් සිටින බවත් තව පෝලිමක් සිටින බවත් ඔහු කීවේය.

රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙකු සිටිනවා නම් ප්‍රකාශ කරන්නේද ඔහු ඉල්ලා සිටියේය.

ඉදිරියේදී තවත් පිරිසක් හිරේ යා හැකි බවත් ඊට කලින් සිය දිවි නසා ගැනීම් සිදුවිය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය