(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන පොළ භූමියේ පදිකයන්ට අවහිර වන සේ වෙළදසැලෙන් එපිටට රාක්ක ගසා  අලුතින් ඉදි කළ අනවසර කොටස් ඉවත් කිරිමට යෑමේදි  හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් සහ වෙළෙදුන් අතර අද දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම් දි තිබුණ ද එම වෙළදුන් එය නොතකා පදික වේදිකාව අවහිර වන සේ වෙළදාම් කිරිම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් එම ඉදිකිරිම් ඉවත් කරමින් සිටියදී එම මහජන පොළ භූමියේ වෙළදුන් හැටන් දික්ඔය නගර සභාවේ විරුද්ධ පක්ෂයේද මන්ත්‍රීවරුන්ගේ සහයෝගයද ලබා ගෙන එම අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට විරෝධය දක්වනු ලැබූහ.

එම වෙළදුන් කියා සිටින්නේ, හැටන් නගරයේම එවැනි අනවසර ඉදිකිරිම් ඉවත් කරන ලෙසත් එක්තරා ව්‍යාපාරික කොටසක් පමණක් ඉලක්ක කර ගනිමින් අනවසර ඉදි කිරිම් ඉවත් කිරිම යුක්ති සහගත නොවන බවයි.