
(සුජිත් හේවාජුලිගේ)
මහ භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එන සතියේදී පාර්ලිමේන්තුවට බාර දෙන බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
දැනටමත් සකස් කර අවසන්ව ඇති එහි මූලික කෙටුම්පත සියලු සාමාජික මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා බෙදා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අනුව සාමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස්ද එහි අවසන් වාර්තාවට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
හැකරු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා භාරදෙනු ලැබීය.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාව මෙසේ සකස් කෙරෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd