
(සුජිත් හේවාජුලිගේ)
සිංහලයේ මහා සම්මත භූමි පුත්ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්ර විජයතුංග මහතා අභාවප්රාප්ත විය.
මිය යනවිට 94 වැනි වියේ පසුවූ විජයතුංග මහතා ශබ්ද කෝෂයේ සම්පාදකවරයෙකි.
ගත් කතුවරයකු ගුරුවරයෙකු මෙන්ම නීතිඥවරයෙකුවූ හරිස්චන්ද්ර විජයතුංග මහතා 1994 සහ 1999 වර්ෂ වල පැවති ජනාධිපතිවරණවලට අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් විය. දේහය මාකොළ සුප්රිම් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(15) සෙනසුරාදා සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිය පිලිබඳ සැබෑ ආදරයක් හා කැපවීමක් ඇතිව, ජාතික සේවයට මහත් අවංක උත්සාහයක් ගත්, හරිශ්චන්ද්ර විජේතුංග මැතිතුමාට අජරාමර නිවන්සුව පතමු. නිවන් දකිනා ජාති දක්වා එතුමා සිංහලයෙකු වී නැවතත් ශ්රී ලංකාවේ උපත ලැබේවා යයි ද ප්රාර්ථනා කරනවා.
මෙරටට මහා සේවයක් කල වියත් පඩිවරයාණෙනි... ඔබට නිවන් සුව ලැබේවා.
ජාතිය වෙනුවෙන් කරන ලද සේවයට ගෞරවය. නිහඬව දැවැන්ත සේවයක් කරන ශ්රී ලංකා ඉතිහාසයේ මැණික් වලින් එකකි.
හෙළයේ භූමි පුත්රයන්ගේ පැවැත්ම දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතිනවා. 70 දශකයේ සිට වර්තමානය දක්වා එවැනි යුග පුරුෂන්ගෙ මතුවීම සියුම් ලෙස වළක්වලා තියෙනවා.ඔබට අජරාමර නිවන් සුව ලැබේවා !
ඔබට නිවන් සැප ලැබේවා !