IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

(ගයාන් සූරියආරච්චි)

පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවටය.

ඒ අනුව ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

මියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිලදි ගෙන තිබූ අතර පසුව එම නිවස අත හැර 23 වැනි මහලේ පිහිටි නිවෙසකට මාරුවී ඇත.

එම මාරු වූ නිවෙසේ  කාමර 3 ක්, නානකාමර 3 ක්, බැල්කනි 4 ක් මුළුතැන් ගෙයක් සහ කෑම කාමරයකින් යුක්ත බව පොලිසිය කියයි.

පියුමි හංසමාලි එම නිවෙස වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක බොරැල්ල ප්‍රදේශයේ බැංකුවකට රුපියල් ලක්ෂ 50 ක් බැර කර තිබූ අතර පසුව රුපියල් මිලියන 87 ක මුදලක් ගෙවා තිබේ.

ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ එම නිවාස සහ දේපොළ වෙළෙදාම් ආයතනය සමග එකගතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

එම ගිවිසුමට අනුව 2023 අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 5 ක්, 2023 මැයි මාසයේ දී දෙවතාවකට මිලියන 143 ක් වශයෙන් ගෙවා දැමීමට එකගවී ඇත.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ එම මුදල් ගෙවා දැමීමට නියමිතව තිබුණද ඇය සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර තිබුණේ 2023 දෙසැම්බර් මාසයේ බවත් මේවන තෙක් එහි ඔප්පුව පියුමි හංසමාලි ගේ නමට ලියාපදිංචි කර නොමැති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

තවද පියුමි හංස මාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ද මේවන විට වාර්තා ලබාගෙන ඇති අතර බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද පැවැසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජේසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.



අදහස් (31)

හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

Muthu Friday, 21 June 2024 11:31 PM

මේ නිව්ස් එක දාල තියෙන විදියටම තේරෙනවා.....පියුමි ගොඩ.....මොකුත්ම වෙන්නේ නෑ..

:       0       0

Hiran Saturday, 22 June 2024 12:53 AM

කෝ මේ රන්ජන්ට කඩේ යන උන්

:       0       0

Vithana Saturday, 22 June 2024 06:09 AM

තව ටික දවසකින් මෙයත් මාලිමාවේ කාන්තා සමුළුවේ ඉන්නවා දකින්න පුළුවන් වෙයි වගේ...

:       0       1

සෙනෙවිරත්න Saturday, 22 June 2024 08:20 AM

මේකත් හොඳයි. මෙහෙමවත් කියාගන්න බැරි වත්කම් තියෙන පොලිසියේ සහ රජයේ නිලධාරින් දේශපාලඥයින් ගැනත් හොයන්න අපි දුප්පත් වීමේ රහස එතැන ඇති.

:       1       1

අරවින්ද මොනරවිල Saturday, 22 June 2024 08:20 AM

පියුම් හංසමාලි ගැන නැතුව තව හොයන්න තෝරු මෝරු ඉන්නවා. ඒවාට අත ගහන්නේ නැතුව සංජයලයි, සී.අයි.ඩී. එකයි බොරු ඇඩ් දානවා රට රවටන්න.

:       2       2

තුනීලෑලි අක්කියෙක් Saturday, 22 June 2024 09:31 AM

මුලින්ම ඔය පේන්න තියෙන විශාල වත්කම ලැබුණේ කොහොමද කියලා හොයලා බලමු. මෙයා තරුණ කාලේ ඔහොම වත්කමක් තිබුණේ නෑ.

:       0       3

prasad Saturday, 22 June 2024 09:34 AM

අපේ සොච්චම් පඩියට ටැක්ස් ගැහුවට ඒවා ගැන හොයලා නෑ වගේ...

:       0       2

දොන් ජුවන් Saturday, 22 June 2024 09:36 AM

ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයෙක් ඇල්ලුවොත් නිකන්ම ගොඩයන්න පුළුවන් වෙයි...

:       0       2

සුපුන් චාමර Saturday, 22 June 2024 09:45 AM

දැන් ඕවා ගැන විමර්ශන ඇරඹුවේ සරාගෙන් අනුමැතියක් අරන්ද?

:       0       1

PATTA hora Saturday, 22 June 2024 10:35 AM

ඕනෑවට වඩා රඟපෑමෙන් තමයි කෙලවා ගත්තේ...

:       77       46

Perera Saturday, 22 June 2024 11:03 AM

වත්කම් ඔය ලොකුවට තියෙන්නේ මහන්සියෙන් හම්බ කරලානේ...

:       68       38

DM Saturday, 22 June 2024 11:13 AM

මෙයාට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඕක ඔහොම මාස කීපයක් ඇදිලා යයි. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියයි නඩුව පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නැහැ කියලා. කෙලින්ම නිදොස් කොට නිදහස්...!

:       44       75

Liya Saturday, 22 June 2024 11:40 AM

දැන් කාලේ ගොඩක් සල්ලි තියෙන අය කරන ජොබ් එක අල්ලපු ගෙදර එකාවත් දන්නේ නැහැ. බිස්නස් කරන අය සහ ඉගෙන ගත් මිනිස්සු වගේ සාධාරන සල්ලි නෙමෙයි ඕවා...

:       37       37

Shashika519 Saturday, 22 June 2024 11:41 AM

ඩේසි ආච්චිගෙ ලෝයර් අල්ලන්න.

:       26       48

Buddika Saturday, 22 June 2024 11:49 AM

මෙයා රඟපාපු කිසිම නිර්මාණයක් මම දැකලා නෑ. නිරූපිකාවක්ලු. මෙයා ඉන්දියාවේ ඉහළටම ගිය නිරූපිකාවක් වුණා නම් මේ සල්ලි ලීගල්. ඒත් මිලියන 22.5ක ජනගහනයක් ඉන්නා රටක නිරූපනයෙන් කොහොමද මෙහෙම හම්බ කරන්නේ? රූපලාවන්‍ය නිශ්පාදන බෙදාහැරීමේ බිස්නස් එකක් කලා කියමු. කී දෙනෙක් ඒවා කරනවද මේ රටේ? ඒවාට ඇති වෙළෙඳපල ප්‍රමාණයෙන් පොඩියි. මේ නිසාම මෙයාගෙ සල්ලි ක්වෙස්චනබල්...

:       24       49

Kamala Saturday, 22 June 2024 11:49 AM

මටත් ගොඩක් වටිනා දේවල් තියෙනවා. නමුත් ගැනුම් කරුවන් නැහැ.

:       30       15

DineshSaturday, 22 June 2024 01:07 PM

අපෝ, ගැනුම්කරුවෝ ඕනිතරම් ඉඳීවි. මුලින්ම නිසිපරිදි අලෙවියට ඉදිරිපත් විය යුතුයි... කමලා..!

:       16       20

AjithSaturday, 22 June 2024 02:07 PM

අල වගේද ගෝවා...?

:       0       1

Kazi Shajahan Saturday, 22 June 2024 11:57 AM

හරියටම පරීක්ෂා කරනවා නම් මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න වෙනවා. කොහොමද පාවිච්චිය කියලා...?

:       12       27

Shashika519 Saturday, 22 June 2024 12:43 PM

ඩේසි ආච්චිගෙ ලෝයර් අල්ලන්න. නිදොස් කොට නිදහස්...

:       30       28

ධම්මික Saturday, 22 June 2024 01:01 PM

ප්‍රධාන ආගමික ස්ථානවල ඉහල පූජ්‍ය / පූජක අයගේ වත්කම් ගැන හොයන්න.. මෙයාට වඩා සල්ලි තියෙන අය හම්බ වේවි.

:       55       22

Janahitha Saturday, 22 June 2024 01:04 PM

එතකොට කෝටි ගණන් වත්කම් විදේශවල තියන දේශපාලකයන්ගේ වත්කම් හොයන්නේ නැතෙයි. මේ මුදල් එයාගේ නොවේ. ශ්‍රී ලන්කන් විධායකයේ ගිණුම්වලට සල්ලිත් එයාගේ නොවන බව කියවුණා රාලහාමිලා එතකොට ගොඩක් හොඳයි.

:       13       40

Saman Saturday, 22 June 2024 01:55 PM

තවත් එක් මාධ්‍ය සංදර්ශනයක්...

:       0       0

Prabha Saturday, 22 June 2024 02:10 PM

ජීවිතේට රස්සාවක් නොකර රොකට් යවපු අයත් මේ රටේ හිටියා නේද? 

:       14       38

pakeer Saturday, 22 June 2024 02:53 PM

නාඩගම් නටන්න එපා බන්.. මම දන්න ඇති හංසමාලියෙක් නම් නැහැ. ඒත් කෙනෙක්ගේ වත්කම් ගැන හොයන්න ඕනේ, ඒ මනුස්සයා වියදම් කරන්න පටන් ගන්න කොටමයි. නිකන් ඡන්ද ගුණ්ඩු දෙන්නේ නැතිව යන්න.

:       5       22

Eranga Saturday, 22 June 2024 09:51 PM

පියුමි වැඩකරන්නේ ලොකු බිස්නස් කාරයින් එක්ක...

:       1       0

C.K.Lankaputhra Sunday, 23 June 2024 05:05 AM

හිතා ගන්න පුළුවන්නේ සරත් වීරසේකර ලවා ඇඳුම් ගෙන්න ගන්න පුළුවන් තරමට මෙයාගේ හැකියාව මොකක්ද කියලා.

:       0       1

Rohana Sunday, 23 June 2024 07:15 AM

ඔය මොනදේ හෙව්වත් අවසානයේ මොකුත්ම වරදක් හොයා ගන්න බැරිවෙනවා. නඩු දැම්මත් අවසානයේ වෙන්නේ නිදොස්කොට නිදහස්වීමයි.

:       0       3

Pradeep Kumara Sunday, 23 June 2024 08:34 AM

කවුරුන් හෝ අයථා ලෙස වත්කම් උපයා ඇත්නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. නමුත් හංසමාලි කියන්නේ එලෙස උපයා ඇති එකම කෙනාවත් විශාලම දේපල හිමි කෙනාවත් නොවෙයි. ආසියානු කලාපයේම ඉහළ වත්කම් ඇති ඒවා උපයාගත් ආකාරය අභිරහසක්ව ඇති සමහර දේශපාලකයින් සිටින රටේ හංසමාලිගේ වත්කම් සෙවීම පළමු කාරිය විය යුතුද?

:       1       0

බන්ඩ Sunday, 23 June 2024 03:52 PM

ඔය අක්කලා කාගෙ කාගේත් සල්ලි හෝදනවා ඇති...

:       0       0

Asha weeraratne Tuesday, 25 June 2024 06:13 PM

ඇයි මෙි කලාකාරයන්ගේ විතරක් සෝදිසි කරන්නේ මේ වගේ දේශපාලුුවන්ගේ සෝදිසි කරන්න බැරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1059 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 311 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 118 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1037 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 719 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 246 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site