
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති මහා පරිමාණ මුදල් වංචාව අවිස්සාවේල්ල - හේවාගම් කොරළයේ දහස් ගණන් තැන්පත්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරුන් පිළිතුරු දීම වැදගත් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරුදීම සඳහා කල්ගනු ලැබූ අවස්ථාවේදීය.
හේවාගම් කෝරළයේ විහාරස්ථානවල මෙන්ම සමාන්‍ය ජනතාවගේ මුදල් මෙම සමූපකාර සමිතියට අනුබද්ධ ග්‍රාමීය බැංකුවල තැන්පත්කර ඇති බවත්, එම තැන්පත්කරුවන්ට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නැති බවත් ජගත් කුමාර මහතා එම ප්‍රශ්නය යොමු කරමින් පැවසීය.
වංචාවට වගකිවයුතු අයගෙන් එම මුදල් අයකරගෙන තැන්පත්කරුවන්ට සහන සැලසීමට කටයුතු කරන්නේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතා :
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට පිළිතුරක් දීම වැදගත් . දහස් ගණන් තැන්පත්කරුවන්ගේ මේ ප්‍රශ්නය මේ සභාවේ සාකච්ඡා වෙලා තියෙනවා. අවිස්සාවේල්ල හේවාගම් කෝරළය පුරාම මේ ප්‍රශ්නය පවතිනවා. ඒ නිසා මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය ඉතාම වැදගත්. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තර දීමත් වැදගත් .මේ කාරණය සම්බන්ධයෙන් විවාදයකුත් තිබුණා. ඒ විවාදයේදිත් උත්තර දුන්නා. විවාදයේදී උත්තර දුන්නා නම්, සභාව කල් තබන අවස්ථාවේදීත් උත්තර දුන්නා නම්, මේ ප්‍රශ්නය අවිනිශ්චිතව පවත්වා ගන්නේ නැතිව පිළිතුරක් දීමට අපි අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දෙන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව මොනවට බෙරිහන් දෙන්නද සර්? ලොකු බණ්ඩත් කන් හැන්දක් විතර හොරා කාපු එකේ...
කාටහරි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, හොරකම් නොකරපු එක ඇමැතියෙක් නම් කරන්න පුළුවන්ද? ඒකනේ අපි ඔක්කොම රජවරු කියන්නේ...!
සමූපකාරයේ වංචාවක්...? අනාගතයේ මුදල් ඇමැති වීමේ සුදුසුකමක්... දෙවැනි එක ෂෙඩ් එකේ පෙට්‍රල් ගැසීම...