IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හේලීස් වෙන්ඩර් වෙතින් සන්නාම සමුළුවක්

 
කාර්මික විසඳුම් සැපයුම්කරුවකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදන පිළිබඳව අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින් සංවිධානය කරන ලද සන්නාම සමුළුව පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar (මැලේසියාව), Suzhou Asia Fuji (චීනය), Goodpack (සිංගප්පූරුව), A & D (ජපානය), A-Safe (එක්සත් රාජධානිය) සහ මෑතකදී එක් වූ Avery Weigh-Tronix (එක්සත් රාජධානිය) ආදී ගෝලීය වශයෙන් කීර්තිමත් ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් මේ සඳහා Hayleys Aventura සමග අත්වැල් බැඳගෙන තිබුණි.

මෙම සන්නාම සමුළුවේදී ප්‍රදර්ශනයට තබා තිබුණු නිෂ්පාදන හරහා තාක්ෂණික සැසි සහ ක්‍රියාකාරකම් සමඟ බාධාවකින් තොරව එකතු වීමට අවස්ථාව ලබා දුන් අතර එමඟින් සහභාගීවන්නන්ට එම විසඳුම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලැබිණි. Hayleys Aventura හි ගෝලීය හවුල්කාර සන්නාමවල ජ්‍යෙෂ්ඨ නායකයන්ද මේ අවස්ථාවට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙන්ම ලොව පුරා පවතින නවීන තාක්ෂණයෙන් යුතු බර මැනීමේ උපකරණ, විදුලි සෝපාන සහ ෆොක්ලිෆ්ට් ආදී ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද, ඇසුරුම් රාක්ක පද්ධති සහ අතරමැදි තොග බහාලු‍ම් ආදී ගබඩා කිරීමේ විසඳුම් සඳහා ප්‍රවේශය ලබාගත හැකි ආකාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බඩ්ලි හිෂාම් ඇඩම්, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ආරාධිතයෝ රැසක් ද සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වී සිටි Hayleys Aventura හි කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළ අතර එහිදී ඔහු ආයතනයේ මෙහෙවර සහ අරමුණ පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කළේය.

“අපගේ මෙහෙවර වන්නේ, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා හොඳම වර්ගයේ බර මැනීමේ උපකරණ මෙන්ම විදුලි සෝපාන සහ ෆොක්ලිෆ්ට් ආදී ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද සහ ඇසුරුම් රාක්ක පද්ධති සහ අතරමැදි තොග බහාලු‍ම් ආදී ගබඩා කිරීමේ විසඳුම් සඳහා දැරිය හැකි මිලෙන් යුත් ප්‍රවේශයක් ලබා දීමයි. එමෙන්ම ඔවුන්ගේ සැපයුම්දාම තුළ කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීම සහ ඉහළ ගෝලීය ප්‍රමිතීන්ට අනුව විසඳුම් ලබා දීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීමේ හැකියාව වැඩිදියුණු කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.”‍

595



අදහස් (0)

හේලීස් වෙන්ඩර් වෙතින් සන්නාම සමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site