IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත ප්‍රධාන පාසලක සිසුවියක් ඇගේ පන්තියේ සිසුවකුගේ උපන් දිනය සමරන්නට නිවසින් සොරා ගෙන ආ රුපියල් 20000 ක් යොදා ගනිමින් උපන් දින පාටියක් දමා ඇති බව වාර්තා වෙයි.

අදාල සිසුවා හා සිසුවිය 10 ශ්‍රේණීයෙ අධ්‍යාපන හදාරන බවත් සිසුවාගෙ උපන් දිනය වෙනුවෙන් මෙසේ නිවසින් හොර රහසින් රැගෙන ආ විසි දහසක් යොදා ගනිමින් බියර් පවා රැගෙන විත් මෙම පාටිය දමා ඇති බව කියයි.

වාර්තා වන අන්දමට මෙම සිසුවිය සමග පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය සිසුවාගේ උපන් දිනයට මෙසේ සාදය සුදානම් කර තිබු බවයි.

කෙසේ වෙතත් පාසල තුළ උපන් දින සාදයක් පවත්වන බව ගුරුවරු විදුහල්පතිවරයා දැනුවත් කිරීමේන් පසු අදාල සාදය පැවති පංති කාමරයට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පැමිණ එය පරික්ෂා කර ඇති බවද කියයි.

එහිදි හෙළිවි ඇත්තේ අදාල සිසුවිය නිවසින් රැගෙන ආ රුපියල් 20000 ක් වැනි විශාල මුදලක් යොදා ගනිමින් විවිධ රසකැවිලි වර්ග සමග බියර් කෑන් කිපයක්ද යොදා ගනිමින් තිබි ඇති බවයි.

වහාම උපන් දින සාදය නවතා දැමු විදුහල්පතිවරයා අදාල සිසුවිය හා සිසුවා සේම එයට සම්බන්ධ වු අනෙක් සිසු සිසුවියන්ද විදුහල්පති නිළ කාමරයට කැදවා මොවුන්ගේ මව්පියන් පාසලට කැදවා පරික්ෂණ අරඹා ඇති බවයි.

 



අදහස් (7)

හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක්

ravin Monday, 26 September 2022 10:19 PM

පහුගිය දවස්වල නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් කණමදයා වගේ බීගෙන පාසලට පැමිණියා කියලා...? ඒවා ආදර්ශයට ගෙන වෙන්නැති සිසුනුත් කටයුතු කරන්නේ...!

:       0       0

කිරි පුතා Monday, 26 September 2022 11:36 PM

මේ පිරිහීම වැලැක්වීම ඉතා අපහසුය. විද්‍යුත් මාධ්‍ය සඳහා කිසිදු නියාමනයක් තවම නැත. පැසැල් ඇඳමෙන් පෙම් කරන මත් වතුර බොන චරිත වීරයන් කරන ටෙලි නාටක තුුලින් රටේම දරුවන් විනාශ කරමින් සිටී. පච්චා කොටාගත් නළු නිළියන් ඒවා මහා ලොකු දේ ලෙස හුවා දක්වයි. බාළ පරපුර විනාශ වෙමින් පවතී. ඒ රටේ අනාගතයයි.

:       2       14

tikira Tuesday, 27 September 2022 08:39 AM

ඔබලාව මාට්ටු වෙච්චි එකමයි හොඳ?

:       0       0

ජැක්සන් Tuesday, 27 September 2022 09:23 AM

ඔය වයසෙදි මොළෙන් ගන්න ඕන තිරණ ගැනෙන්නෙ වෙන වෙන තැන්වලින්නෙ

:       0       7

fairoos Tuesday, 27 September 2022 12:20 PM

ඉතාම කනගාටුයි.. ලංකාවෙ පාසල්වල තත්වෙ මෙකනම්

:       1       8

sellakkara kolla Tuesday, 27 September 2022 01:39 PM

බියර්නේ බීල තියෙන්නේ හෙරොයින්, කොකේන් නෙවෙයිනේ. ඕව මැජික් කරන්න හොද නෑ එතකොට ඕනෑවටත් වැඩියෙන් ඕව පස්සේ පන්නනවා. අනික බියර් එකක් බිව්ව කියල පිලිකා හැදෙනවද. ලිංගිකත්වය මැජික්, බියර් එක මැජික් මාර සබ්යත්වයක්නේ මේ දූපතේ තියෙන්නේ

:       8       2

බද්රානි Tuesday, 27 September 2022 02:17 PM

අනේ පව් ඔයාට ගොඩක් කනගාටුද? අර "ජැක්සන්" වගේ පොඩි කාලෙත් මොළෙන් තීරණ ගන්න බැරි උනානේ ඒ දරුවන්ට..වැඩිහිටි මහලොකු මොළ කාරයින්ගේ කෙරුවාව දකිද්දී අපේ රටේ දරුවන් මේ විදිහට වත් හැසිරෙන එක ලොකු දෙයක්. අධමයෝ, පුස්සෝ වීරයෝ වගේ පෙන්වන රටක වෙසෙන දරුවන් පුහු වීරයෝ වගේ හැසිරෙන්න උත්සහ කරන එක අහන්නත් දෙයක්ද? අනික, පාසල් දරුවන්ගේ නොහොබිනා කම් ගැන කතා කරන්න කලින් මේ රටේ ටියුෂන් කඩ මාෆියාව නැති කිරීමට මේ රටේ වැඩිහිටියන් ක්‍රියා කල යුතුයි. විභාග සමත් කිරීමේ අරමුණ පමණක් ඇතිව, දරුවන්ගේ මොළ ශුද්ධ කරන ටියුෂන් ගුරාලා ගෙන් දරුවන් ගලවා ගත යුතුයි. එහෙම නැති උනොත් මෙට වඩා සුන්දර දසුන් අනාගතයේදී ඇස ගැටෙවී..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site