
(හිරාන් ප්‍රියංකර ජයසිංහ,එස්.හේරත්,ජයරත්න වික්‍රමාරච්චි සහ ලලිත් නවරත්න)
හලාවත නගරයෙ සිංහපුර ප්‍රදේශයෙ නිවසක කෝටිපති ව්‍යාපාරිකයා හා ඔහුගේ බිරිද හා දියණිය මරා දමා සිරුරු පුළුස්සා නිවස තුළ තිබියදී 20 උදෑසන සොයා ගැනිමට හැකිවු බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරා දමා ඇත්තේ නිවසේ සැමියා වු 52 හැවිරිදි එස්.ජී.සේනාරත්න, බිරිද 43 හැවිරිදි මංජුලා නිරෝෂනී හා 15 හැවිරිදි දියණිය වු නෙත්මි නිමේෂා ඇතුළු පිරිස බව කියයි.
ඝාතනයට ලක්වු නිවෙස් හිමියා වු එස්.ජී.සේනාරත්න මහතා හලාවත නගරයෙ පර්ල් ලැන්ඩ් සේල් නැමති ඉඩම් කැබලි කර අලේවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ සමග ඔහුගේ බිරිද වන මංජූලා නිරෝෂනී මහත්මිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංවර්ධන නිළධාරීනියක් ලෙස මුන්නේෂ්වරම වසම භාරව කටයුතු කර ඇති බවද ඒ සමගම දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 එෆ් ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බව කියයි.
මෙම පිරිස ඔවුන්ට හිමි හලාවත සිංහපුර ප්‍රදේශයෙ පිහිටි නිවසේ සිටියදී ඉතා ආවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වි ඇති බවත් බිරිදි නිදන කාමරය තුලදි ගෙල කපා දමා සයනය තුළම ගිනි තමා මරා දමා ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
ඒ සමගම නිවෙස් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා හා ඔහුගේ 15 හැවිරිදි දියණිය නිවසේ සාලය තුලදී ඝාතනය කිරීමේන් පසු නිවසේ ගෘහ උපකරණ එම සිරුරු තුලට දමා මරා දමා ඇති බවට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ.. මොන තිරිසන්නුද මේ...? මොන හිතකින් මේ වගේ අපරාධයක් කළාද?
අපේ මාලිමා ආන්ඩුවක් ආවාම නීතිය හරියටම කරනවා. දැන් තියෙන්නේ නීතියක් නැති රටක්...!
දැන් ආණ්ඩුවක් නැති ගාණට රට යන්නේ.
ඉතාම ඉක්මනින් මේ අපරාධකරුවන් සොයාගන්න අපේ පොලිසියට පුලුවන්. ඒකෙ සැකයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ නීති පද්ධතිය එහි හිඩැස් තුලින් මේ අපරාධකරුවන්ව රිංගලා යැවීමට දැන්ම නීතිය දන්න අය දත, කට මදිනව ඇති.
මොන වැරැද්දකට වුණත් මේ වගේ තිරිසන් වැඩ කරන නරුමයින්ට උපරිම දඬුවම් දිය යුතුයි... නව රජය මේවා ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. අර දරුවා මරාදමන්නේ මොන වැරැද්දක් කළාටද?
ඉන්න හිතෙන රටක්..
අද පොලිසියට මෙවැනි අපරාධ සිදුවීමට පෙර ඒවා වළක්වා ගැනීමට නොහැකි තත්වයක් ඇත. මිනිසුන්ට තම තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩ දිය යුතුයි.
තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි භාවිතයට අවසර දිය යුතුමයි. අණ්ඩුවටවත් වෙනකාටවත් බැන්නට කිසිම වැඩක් නෑ... මටත් දුවෙක් ඉන්නවා... හරිම කණගාටු දායකයි.
කරපු අයට අරාබි දඬුවම්.. නැත්තං වැඩක් නෑ.