( ඉන්දිකා රාමනායක )
සූදූ පිටියක් වටලා එහි තිබූ මුදල් අයතා ලෙස පරිහරණය කර දූෂිත ක්‍රියාවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලීසියේ 8 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය .
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් 6 දෙනකු බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
2019 09 06 වැනි දින වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදූ සෙල්ලම් කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට වැටලීමක් සිදු කර ඇති අතර එහි සිටි සැකකරුවන් 20 දෙනකු අතරින් 11 දෙනකු මුදා හැර 09 දෙනකු පමණක් අත්අඩංගුවට ගැනීම සහ සූදූ පිටියේ තිබු මුදල්,සැකකරුවන් සතුව තිබූ මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් නාත්තන්ඩිය පොලිස් අධිකාරීවරයි විසින් මෙම වැඩ තහනම සිදු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දූෂිත නිළධාරින් පිරිසක් සිටින තැනක්. පගාව, මැර බලය යොදා අහිංසක මිනිසුන්ට හිරිහැර කරන කසිප්පු හා හොරට බෝතල් රා හදන අයගෙන් යැපෙන්නන් මහපොළවට බරක්.
කොහොමද දූෂණ මර්දනේ?