(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට අවශ්‍ය වන්නේ පුනරුත්ථාපනය බව කී අලි සබ්රි  මහතා පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට ඇප ලැබුණ පසු ඔහු ගිය තැන හොයාගන්නත් නැතැයි කීය.

පුනරුත්ථාපන කාර්‍යංශය පිළිබඳ පනත ගෙනාවේ ඉතා හොඳ අරමුණකින් බව කී අලි සබ්රි මහතා නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට පුනරුත්ථාපන ක්‍රමවේදය සකස් කර තිබෙන බව පැවසීය.