
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී කලමනාකරුට හා ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය හේතුකොට ගෙන එහි සේවක පිරිසට මසක වැටුප් ගෙවා කම්හල මාසයකට වසා දැමීමට ගත් තීරණයක් හේතුවෙන් එහි සේවක සේවිකාවෝ 350 ක් පමණ දෙනා ඇමැතිවරයාගේ නිවෙස දක්වා අද දහවල් විරෝධතා පා ගමණින් ගියහ.
ගම්පහ දිස්ත්‍රිකකයේ රාජ්‍ය ඇමතිවරයකුගේ හිතවතකු බව කියන පුද්ගලයකු එම ආයතනයට කුලී පදනම මත වාහනයක් ඇතුලත් කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා එහි කඩා වුදුනු පිරිසක් මෙසේ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම පොලිසිය අත්අඩංගුවට ගැනුනු අතර මේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරනු ලැබීය.
මේ අතර තම ආයතනයට නිසි ආරකෂාව සහතික කෙරෙන බවට රජයෙන් සහතිකයක් ලැබෙන තුරු ආයතනය පවත්වාගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් මෙසේ සේවකියන්ට මසක වැටුප් ගෙවා ඇතැයිද මේ ත්ත්වය උද්ගතවූයේ රාජ්‍ය ඇමතිවරයාගේ බලපෑම නිසා බවට චොදනා කරමින් සේවක පිරිස් අද 8 දහවල් මෙසේ විරෝධය දක්වනු ලැබීය.
සේවක පිරිස විරෝධතා පා ගමනින් විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාගේ හල්‍පේ පහේ කණුව ප්‍රදෙශයේ පිහිටි නිවාසය හා මහ ගෙදර ආසන්නයටම ගොස් විරෝධය දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජන ජීවිතයට ඇඟිලි ගහන හැම අමතියෙකුටම කරන්ට ඕනේ ඔක තමයි.
ත්‍රස්ත විරොධී පනත ගෙන්න ආණ්ඩුව මෙච්චර දඟලන්නෙ මේ වගේ උද්ඝෝෂණ නවත්වා හොරුන්ට තව තවත් රැකවරණය දෙන්නයි. ඒ වුනාට නමින් මිස්ටර් ක්ලීන්.
ඒ උනාට ඊළඟ පාරත් මෙයාව පත් කරලා එවන්න .
ඉතින් ඌව මංත්‍රී කරන්න ඇත්තේ එම ප්‍රදේශයේ ජනතාව මිස වෙනත් කිසිවෙකු නොවෙයි නේ ඒ වගේ දේශපාලුවො මේරටේ ආර්ථික අහේනියට හේතුවක් වෙනවා ඇත්තටම දැන් කරන්න තියෙන එකමදේ ඉන්දික අනුරුද්ධ මංත්‍රී හා රාජ්‍ය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වීම හා දේශපාලන කටයුතු වලිනුත් සදහටම තොලොංචිවෙලා යාම පමණයි රට හැදීමට පොහොට්ටු නායකයින්ට සැබෑ උවමනාවක් තිබේනම් එසේ කිරීම අත්‍යාවශ්‍යම වෙනවා
අතිගරු රනිල් මැතිදුනි ඔබේ රාජ්‍ය ඇමටි ගැන ආඩම්බරයි අපිට. මෙම ඇමටි බලු වැඩේ නිසා ඩොලර් කීයක් නැති උනාද රටට, පවසන්න නොවලහා. හිතවතුන්ගේ වාහන හයර් එකට දැමීම හෙන අසාධාරණයි . ඒකට ලන්ඩන් භාශාවෙන් කියන්නේ Conflict of Interest කියලා . ඒක violate කරනවා මේ ඇමටි උත්තමයෝ හැමදාම .
ඔහොම කරල මදි ඔය පුද්ගලයා සම්බන්ධ වන යම් දේශපාලන පක්ෂයක් තිබේනම් එම පක්ෂය වර්ජනය කිරීමත් කරන්න ඕන වෙනත් විදියකින් කියනවා නම් බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට ඒ වගේ දේශපාලුවන්ට ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලටත් සමග බ්‍රහ්ම දණ්ඩය පැන්වීම කරන්න ඕන
පලමු වතාවට දුර්ජන ඇමතියාගේ නම ප්‍රසිද්ධ කලේ. කතාව උපාසක ඒත් වැඩ බලු.....
ඔය ඇමතියට චන්දේ දීපු කීදෙනෙක් ඔතන ඉන්නවද?තක්කඩි පත් කරගෙන දැන් පෙළපාලි යනවා ලැජ්ජා නෑ
ඔය ටිකම තමයි මෙරටට 1989 කාලෙත් සිද්ද වුනේ ජෙප්පන් රටට කළේ. ජෙප්පන් දැන් නුඹලාට තේරෙනවාද? විජාතිකයෝ ඔවුන්ගේ කර්මාන්ත අකුලාගෙන බංගලිදේශයට ගියා.. නුඹලා අපි රැකියාවල් නැති අය වුණා. ඕමාන් ජාතිකයාට මගේ ප්‍රණාමය. යන්න බංගලිදේශයට. ඉහළින් ඔබව පිළිගනීවි...
ලංකාවේ දේශපාලනය කරන සේරම එකයි...
ඔය නොසණ්ඩාල ගෝලයෝ හදන්නේ ඉන්දික අනුරුද්ධ ඇමැති නම් නෙවෙයි ඕන්...