(අංජුල මහික වීරරත්න)

 කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර  මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට  ඉදිරිපත් වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා  පැවසීය. 

රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ නිල්ටන් හෝටලේ පෞද්ගලික ආයෝජනයකට ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා  නමුත් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය එහිදී අනිවාර්යෙන් ලැබිය යුතු බව පැවසීය.

රජය විසින් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ද නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.