IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හීලෑ අලි ඇතුන් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් හබරණ

 (කාංචන කුමාර ආරියදාස)

 දිවයිනේ ප්‍රථම වතාවට  හිලෑ  අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට  දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් හබරණදී   විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.

 මේ සඳහා මූලිකත්වය ගෙන  ඇත්තේ මහියංගණයේ ග්‍රාමාරක්ෂ භටයකුගේ වෙඩි පහරකා ලක්ව තුවාල ලබා සිටි සීතා ඇතින්නගේ  හිමිකාරීත්වය දරන  මහරගම එස්. එන්. රොෂාන් මහතාගේ සංකල්පයකට අනුව බව හීලෑ අලි  ඇතුන්ගේ සංගමය කියයි.

මහියංගනයේදී වෙඩි වැදී  තුවාල ලබා සුව අතට පත් වූ සීතා ඇතින්න හබරණරෝහලට  ගෙන්වා තිබුණු අතර ඇයගෙන් හීලෑ අලි පැටවුන් බෝ කිරීමට අභිජනනය කිරීමේ මංගල කටයුත්තද සිදුකිරීම විශේෂත්වයකි.

 හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමට අමතරව ඇත් ගොව්වන් නමින් හැඳින්වෙන ඇතුන් ගන්නා ශිල්පීන් හස්ති පාලකවරුන් පුහුණු කිරීමේ කටයුතුද මෙම ස්ථානයේදී   ක්‍රියාත්මක වන බවත් දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් ආරම්භ කිරීමට හැකිවීම ගැන තමන් බලවත් සේ සතුටට පත්වන බව පාරම්පරික අලි හිමිකරුකු  වන රොෂාන් මහතා පැවසීය.

 



අදහස් (0)

හීලෑ අලි ඇතුන් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් හබරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site