(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් හට කළ යෝජනාව අල් සවුද් කුමරු ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේය.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
එම සටහනේ මෙසේ සඳහන් වේ.
"පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මගෙ හොඳ මිතුරෙක් අපි නිතරම මුණගැසෙනවා.නමුත් මෙම ප්‍රකාශය නිවැරදි නැහැ.මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට උදව් කරන්න රටවල් කිහිපයක් කැමැත්තෙන් ඉන්නේ.ඉදිරියේදී එම සහාය ශ්‍රී ලංකාවට ලැබේවි."
උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (13) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" හර්ශගෙ කතව නිවැරදි නැතැයි මම විශ්වස කරනව.." එහෙම නැතුව ඒ කතාව යථාර්තවාදීව වැරදි නෙමෙයි.. ඒයාට හිතෙන හැටි හෙවත් නශීර් ගෙ සිහිනය. . කියවන අය පැහැදිලිව තෙරුම් ගන්න.. හරියට බැලුවොත් නශිර් දන්නෙත් නැහැ ඒක ඇත්තටම එහෙම නෙමෙයිද කියල වත්..
හර්ෂ නිහතමානි අවන්ක කෙනෙක් ! මම හිතන්නෙ එතුමා ඔය කුනු වෙච්ච බොහෝ දේසපලුවො වගෙ බොරු කියයි කියල.
මෙි හර්ශ කිසිම දව්සක බොරු කියන්නෙ නෑ. මිනිස්සු අන්දන්නෙ නැති අවන්ක මනුස්සයේක්. හැබැයි මොහොමඩ් නසීඩ් නානගෙ සාටකේ දාගෙන ලෝකෙ අන්දන ජරාපක්සලගෙ හොර වැඩවලට උදවු කරනන ගජ මිතුරේක්, ඔච්චරයි කියන්ඩ තියෙන්නෙ. මිනිස්සුන්ට තේරෙනවනෙ \\\\\\\\\\\\\\\\\\\\\ හර්ෂ නාන කවදාවත් බොරු කියන්නෙ නැහැ. හැබැයි මේ මොහොමඩ් නෂීඩ් සාටක ජරාපක්ෂලගෙ ගජ මිතුරෙක් නිසා සාටකයින් වෙනුවෙන් පෙනී ඉන්ඩ ඇවිල්ල.
හර්ෂ බොරු කියන්නේ නැහැ. බොරු විදිනවා. මහලොකු ඔස්තාර්ලා.. මුදල් ඇමැතිකම අරගෙන වැඩ පෙන්නන්න තිබුණානේ.. කටින් බතල හිටවනවා..