(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිධූරය තමාට ලබා දීමට තේරීම් කාරක සභාව පැහැදිලිවම තීරණය කර ඇතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වෙනත් කතාවක් පැවසීමෙන් බරපතළ ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
සසන්නිවේදන අංශය තමා සභාපතිවරයා ලෙස පිළිගෙන නැතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා පත් කෙරුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මහලේකම් මහලේකම් ධම්මික දසනායක මහත්වරුන් තමාට පැහැදිලිවම
පැවසුවේ යැයිද ඔහු කීවේය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අහෝසි වීම හේතුවෙන් හර්ෂ ද සිල්වා මහතාට එම තනතුර අහිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඹයින් පඹගාලක පැටලෙන්නේ නැතිව වෙන මොකක පැටලෙන්නද?
මෙයාට තියෙන්නෙත් රටට සේවය කරන්න තියෙන උවමනාවට වැඩිය තනතුරු තාන්නමාන අරගෙන වැජඹෙන අශාව, ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන ජන මතයට ඇහුම්කන් නොදෙන මේ දූෂිත අකාර්යක්ෂම ආණ්ඩුවේ මුදල් කාරක සභාවේ සභාපති වෙලා කරන්න පුළුවන් ලබ්බක් නැහැ කියලා මේ මනුස්සට නොතේරෙන්නේ ඒකයි.
ඇයි සන්නිවේදන අංශය පාර්ලිමේන්තුවේ නෙමෙයිද?