ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මගින් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකර තිබේ.
1990 සුවසැරිය පදනම ජනපති යටතට පවරා ගෙන එමගින් මෙතෙක් කාලයක් සිදුකළ සේවය දිගටම සිදුකරන ලෙස එම නිවේදනය මගින් ඉල්ලා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්ලරව අයින් වෙනවා දවස ගානේ..තොගපිටින් වෙන්නෙ නැත්තේ ඇයි..තවම පිරිස එකතු කරගන්න බැරි උනාද?
හර්ෂ ද සිල්වා වැදගත් මහත්මයා මොනා වුනත්
කැබිනට එකේ සාමුහික වගකීම කියලා එකක් තියෙනවා නේද? ඒ සංකල්පයත් පාවිච්චි කරලා, කට්ටිය කතා වෙලා තීරණයක් අරගෙන වැදගත් විදිහට, පක්ෂයක් විදිහට, ආණ්ඩුවක් විදිහට තීරණයක් ගත්තා නම් නේද හොඳ? ඔය කරන වැඩෙන් එක එක්කෙනා මං සුදනා වෙන්න නේද හදන්නේ? නායකයාව නිකම්ම හැල්ලුවට වැටෙනවනේ ඔහොම කලහම.
ඇමතිවරුන්ට ඉස්සර අගමැතිවරයා මෙම තීන්දුව ගත යුතුයි.
මේ මහත්තුරු ගියාට වාරය අවසන් වෙනතුරු ලොක්කා නම් යන්නේම නැහැ කියල කියනවලු ඔන්න.
ඔබතුමාලා කෙඳිරි ගගා හිටියා මිස වැඩක් කලේ නැත. දැන් ජනතාව තීන්දුවක් දී තිබෙනවා. මේ රජය විසින් කල එකම උතුම්ම කාර්යය වන සුවසැරිය ගිලන්රථ සේවාව ඔබතුමාගේ දායකත්වයෙන් සිදුවූ බව අපි දන්නවා. දොස්තර මාෆියා කල්ලි වැනි වර්ජන මාෆියා කල්ලි වලින් මේ රටේ ජනතාව මුදා ගැනීමට නොහැකිවූ ඔබලා දැන්වත් එම තනතුරුවලින් ඉවත් වී හෝ ජනාධිපතිතුමා සමග එක්ව කටයුතු කරන්න උත්සහ ගන්න. දේශපාලන පක්ෂ වලින් ජනතාවට පලක් නැත.
නිර්මාතෘවරයා.? පැරදුනාට පස්සෙත් ජනතාවට බොරු කියනවා.
දින 100 ෆොක්ස්වැගන් එකට මක් උනාද?
කෝට්ටේ කාර්යාලයක් වත් දැම්මේ නැති ඇමති. අගමැති වෙන්නයි හිටියේ. මිනිස්සුන්ට වැඩ කරලා ඉන්න ඡන්ද ගන්න නම්.
ගත්ත මාසික පඩියටවත් වැඩක් කළේ නැහැ . කයිවාරුව නම් මහා ඉහළයි .
වොක්ස්වැගන් එකේ වැඩට යනවලු.
ලොක්කට ගහපු ගැහිල්ල සොක්කන්ටත් වැදුණා දුවන්න.