(සිසිර කැලේගම )
ඇල්ල මාර්ග බාධකයේ දී දුර ගමන් සේවා බස් රථ පරික්ෂා කිරීමේදි අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරු අසුන ආසන්නයේ තිබි හෙරොයින් සමගින් බස් රථය රියැදුරු අත් අඩංගුවට ගෙන තිබේ.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනඛ අංශය එක්ව මෙම වැටලීම සිදු කෙරිණ.
කොළඹ සිට අනුරාධපුර බලා ගමන් ගත් බස් රථය නවතා මගීන් බිමට බස්සවා මගින් හා ඔවුන්ගේ ගමන් මලු පරික්ෂාවට ලක් කොට පසුව බස් රථය ඇතුලත පරික්ෂා කිරීමේ දී රියැදුරු අසුන ආසන්නයේ ඇති ඩෑස් බෝඩය මත තිබි ඔතා තිබෙන පාර්සලයක් හමු වී ඇත.
ඉන් අනතුරුව එය පරික්ෂා කිරීමේ දී සුදු පැහැති ෂොපින් දවටනවල ඔතා තිබෙන හෙරොයින්වලට සමාන පැකට් 273 ක් හමු වු අතර පොලිස් කණ්ඩායම එය කිරා බැලීමේදී ග්‍රෑම් 143 කින් යුත් බරක් එහි තිබු බව පොලීසිය සදහන් කළේය.
ඒ අනුව බසයේ රියැදුරු ලෙසට කටයුතු කළ රාජාංගනය, වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි අයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd