IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් සමඟ 2ක් එස්.ටී.එෆ්. දැලේ

(ඉන්දිකා  රාමනායක)


මාලිගාවත්ත ලක්හිරු සෙවණ  මහල් නිවස සංකීර්ණය තුළ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනකු හොරොයින් පැකට් 660 ක් සමග විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම මත්කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධික බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී  මේවා දෙමටගොඩ චමින්ද නැමැති  සංවිධානාත්මක අපරාධකරුගේ පුතාට අයත් මත්කුඩු බවට  හෙළි වු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මොවුන් මෙම නිවස සංකීර්ණයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් සිදුකරන බවට   විශේෂ කාර්ය බලකායේ බුද්ධ අංශය වෙත ලද තොරතුරකට  අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට  අවස්ථා කිහිපයකම උත්සහ කර ඇති අතරල මොවුන් මුදල් ගෙවා  වැටලීමට  එන  පොලිස් නිලධාරීන්  සම්බන්ධයෙන් ඔත්තු බැලීම සදහා පත්කර ඇති ඔත්තුකරුවන් හරහා  කල්තියා ඔත්තුව යාම නිසා සැකකරුවන් සැඟව සිටි බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකා බුද්ධ නිලධාරීන් දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඊයේ :7* පස්වරුවේ  සිදුකළ  හදිසි  වැටලීමේ දී  මොවුන් දෙදෙනා එම මහල් නිවාස සංකීර්ණයේ තුන් වන මහලේ මත්කුඩු සමග රැදී සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් දෙදෙනා සතුව හොරොයින් පැකට් 660 ක්  අත්අඩංගුවට ගෙන ඇති අතරල මොවුන්  මහල් නිවාස සංකීර්ණය තුළ  මත්කුඩු ජාවාරම් කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අව්රුදු 52 හා 38 යන වයස්වල  පසුවන්නන්  බවද විශේෂ කාර්ය බලකාය.

 

 

 

 



අදහස් (0)

හෙරොයින් සමඟ 2ක් එස්.ටී.එෆ්. දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site