(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ ඊයේ (18) සිට තහනමට ලක් කළ බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට ඔහු ඉකුත් 15 දින කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු හෙරොයින් සහ අයිස් යන මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම වැඩ තහනම සිදුකර ඇත.
නුගේගොඩ දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම වැඩතහනම සිදුකර ඇති බව පොලිසිය කියයි.
මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තු කොට්ඨාසයේ රාජකාර කරමින් සිටි තවත් කොස්තාපල්වරයකුද අයිස් හා හොරොයින් භාවිකා කිරිම හේතුවෙන ඉකුත් (14) දින සිට වැඩතහනම් කර තිබුණි.
පාර්ලිමේන්තු කොට්ඨාසයේ රාජකාරි කරන බොහොමයක් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන් හදුනා ගැනීම සදහා බුද්ධි අංශ යොදා විමර්ශන සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම විමර්ශන වල ප්‍රතිපලයක් වශයෙන් ඉහත කොස්තාපල්වරුන් දෙදෙනා හදුනාගෙන වැඩතහනම් කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මත්ද්‍රව්‍ය භාවිතා කරන තවත් පොලිස් නිලධාරීන් හදුනා ගැනීම සදහා මෙම විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි බොහෝ අය දේශපාලුවන්ගේ මැදිහත්වීමෙන් පොලිස් සේවයට එක් වුනු අය