IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හරීන්ට ඩයනලා පැටලෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට  ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලිණි.

හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා අමතමින් අැසූයේ "ඔබතුමාගේ රාජ්‍ය ඇමතිතුමිය මේ දිනවල යම් දෙයක් "ප්‍රමෝට්" කරන බවත් එයට ඔබ එකඟද ? යන්න පැහැදිලි කරන ලෙසත්ය.
ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසූයේ  ලංකාවේ සමහර දේවල් මඩ ගහන්න ප්‍රකාශ කරන බවයි.

" සබඳ අපි කුඳු වෙනවද?  කුඩු ගහනවා ද? කියා ඇතැම් සමාජ  මාධ්‍යවල පළ කර තිබුණා. ඒ වගේ පහත් විදියට මඩ ගසා තිබෙනවා.

ඔය ප්‍රශ්නෙ ඩයනා කුමාරියගෙන් අහන්න.සමාවෙන්න,ඩයනා  ඇමති තුමියගෙන් ඒ ප්‍රශ්නය අහන්න.එතුමිය හරියට උත්තර දේවි."



අදහස් (15)

හරීන්ට ඩයනලා පැටලෙයි

රුවන් Wednesday, 21 September 2022 11:12 AM

දෙන්නාම කුමරියන්, සමාජයට සේවයක් කළ සහ කරමින් සිටින

:       30       9

ravin Wednesday, 21 September 2022 11:20 AM

ඊයෙ රා පාටියනම් තදට ගිහිල්ලා වගෙ.

:       4       24

SanthuWednesday, 21 September 2022 12:38 PM

ඇයි...එතකොට නම් පටලෙනවද? ඒ කෙසේ වෙතත් ලාංකික ඩයනත් හැඩ කාරියක්නෙ.

:       6       7

පුරවැසියෙක්.. (ගම්පහ) Wednesday, 21 September 2022 12:11 PM

දෙදෙනාගේම හැඩය එක වගේ නිසා පැටලෙන්න ඇති. / රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් ප්‍රශ්ණ තිබියදී පාර්ලිමේන්තුව තුල මේ ඇත්තන් කතා කරන්නේ මොනවද ? ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ , මෙරට ගංජා වගා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස වන යෝජනාව ඉතා හොඳ යෝජනාවකි. දේශීය ඖෂධ සදහා ගංජා ආනයනය කරන බැවින් ඉන් කොමිස් ගහන අයට සහ ඊට සහාය දෙන අය මීට විරුද්ධ වෙන්න පුළුවනි. ( ගංජා , ගැසීමට නොව ඖෂධ සදහා යම් නියාමනයක් යටතේ වගා කිරීම උචිත වනු ඇත.)

:       5       17

Sepala Wednesday, 21 September 2022 12:53 PM

ඩයනා කුමරිය ලොවක් ආදරය කළ කොපමණ සුරූපී කාන්තාවක්ද? ලංකාවේ ලෝකල් ඩයනා වගේ ගොන් කරත්ත, ඩයනා කුමරිට සම කරන්න හදන්නේ පොල් පැලේ කන්නද?

:       2       11

සමන්Wednesday, 21 September 2022 03:50 PM

අනේ ඒ වුණාට ඒ ඩයනා කුමරියත්, පත්තිනි දේවියක් නෙවෙයිනේ... විවාහයේ සිටියදීම වෙනත් අයෙක් සමග ඇසුරක් තිබ්බනේ. විවාහයෙන් අයින් වුණත් වෙනත් විවාහක පිරිමින් සමග සම්බන්ධකම් පවත්වපු බවට ඔප්පු කරලත් තිබුණනේ. ඒ නිසා අපි අපේ එකාට විතරක් ගරහන්නේ නැතුව පහුගිය කාලයේ ඉතිහාසයේ සාක්කි ඇතුව තියන දේවල් කියවලා ඉම්මුකෝ.

:       1       5

Surain Wednesday, 21 September 2022 12:54 PM

වටේ යන තරම කොහොමද කියනවා නම් ඔය නම් විතරක් නොවේ, හමුවෙන අයටත් අමුතුම නම්වලින් තමයි එයා කතා කරන්නේ...

:       1       7

දසුන් Wednesday, 21 September 2022 01:00 PM

දැනුත් පොර ගහල වගේ

:       1       5

Darshana Wednesday, 21 September 2022 01:06 PM

කිසිම සදාචාර සම්පන්න බවක් නැතිව පක්ෂේ සජිත්ට විකුණලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට රිංගුවා මදිවට ආණ්ඩුව පැත්තට ගිහින් රාජ්‍ය ඇමති කමකුත් ගත්තු කෙනෙක් රටේ සදාචාරය සංස්කෘතිය ගැන හිතාවි කියල බලාපොරොත්තු වෙන්න තරම් අපි ලාමක නැහැ.

:       2       9

Sedara Wednesday, 21 September 2022 01:12 PM

හරින්ට පැටලෙන එක තමයි මාරම ටැපලිල්ල. oh! පැටලිල්ල. හාහ් හාහ්....

:       1       3

duplicate Ralahami Wednesday, 21 September 2022 01:47 PM

ජනතාව පක්ෂෙට දීපු ආසනය අරගෙන පත්වෙලා මේ කරන පහත් වැඩම ඇති මෙයාව පිළිකුල් කරන්න. මෙවැනි අයට ලැබෙන ප්‍රතිඵලත් ඉතාම දුකක් වේවි දිනක...

:       0       6

MAGE DIANA Wednesday, 21 September 2022 02:01 PM

යෞවනයේ පොපියන ශෘංගාරය ගත - සිත සලිත කරන කොට ගැහැවිවා ස්ස්-කි පාරක් ...ඇද ගනින් අප්පා මළවි කරලියට..

:       0       2

ganegoda Wednesday, 21 September 2022 02:57 PM

මේක මහ පඹගාලක්... මේකෙ නොපැටලුණු කෙනෙක් නැහැ..!

:       0       4

podi mole Wednesday, 21 September 2022 05:21 PM

එංගලන්තයේ ‘ඩයනා‘ කුමාරි, අපිට ඉන්නේ ‘ගංජා කුමාරි‘...

:       1       3

[email protected]Wednesday, 21 September 2022 09:17 PM

මෙයත් එක්ක ගංජා මිටියක් ගහලා බලන්නකො.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site