(නිමල කොඩිතුවක්කු)
පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්රහාරයන් පිලිබඳ තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (24) පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
එම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයන් උපුටා දක්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනම වනස් කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ ඔහුගේ පියා පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන සුදුසු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙම පැමැණිල්ල මගින් ඉල්ලා සිටි බවද උපුල් විජේසේකර මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන්ට උදව් කරපු.., සිය රටේ ජනතාවට එරෙහිව නිශ්ශබ්ද වූ.. අවස්ථාවාදීන්...
අන්න හරි... කොතැනින් හරි පටන් ගනිමු.
විරුද්ධව පැමිණිල්ල දානවා වගේම නීතියත් ඒ අයුරින්ම ඉටු කරන්න. ජනතාව සනසන්න මෙවැනි දේවල් කියලා පුළුවන් කියලා හිතන්න එපා. මලපෙරේත මුදලට, කෑදර පෙරකදෝරුවන්ට මෙයට විරුද්ධව. සාක්ෂි දෙන්න ඉඩ තියන්න එපා..
ඇත්තෙන්ම කිසිවකු පැමිණ කළ යුතු නැහැ. මේ හරීන් සහ පියාව මහඋලුගෙට යවන්න. මොකද මාධ්‍යයට කියපුදේ හොඳටම ඇති නීතිය හරියට ක්‍රියා කරනවා නම්.. අනියම් මිනීමැරුම්වලටත් මේ දෙදෙනාම ඇතුළට යැවිය හැකි නොවේද? රටේ ආරක්ෂාවට මරුපහරක් අනියම් වශයෙන් කලේ මොවුන් තොරතුරු වසන්කිරීම නිසා නොවේද? තමන් ජීවත් වුණු අහිංසක මිනිසුන්, කුඩා දරුවන් 300කට වඩා වැඩිපිරිසක් බිල්ලටදී... ඉතින් හරින් නමැත්තාට අප මෙසේ කීමට කැමැත්තෙමු. සිනහමුසු මුහුණින් මාධ්‍යයට කීදේ තමාටත් තමන්ගේ පවුල්වලටත් එලෙසම ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
ජාතිද්‍රෝහීන්... මෙවැනි අයට මැතිවරණ වලදී ඡන්දය නොදෙන්න.
හරීන් නෙමෙයි මෙයා "නොසලකා හරීන්".
එ්කත් මරේමරු... හරීන් මේ බව ප්‍රසිද්ධ කර බැරිවෙලාවත් බෝම්බ සිද්ධිය නොවුණා නම් නඩුදානවා බොරු කටකතා පැතිරුවා කියලා. හරින් ඔබකළ වැරැද්ද තැනේ හැටියට කතාකල යුත්තේ මොකක්ද? නොකළ යුත්තේ කුමක්දැයි නොදැන සිටීමයි. ඔබ ඇමතිකමකට නුසුදුසු යැයි මගේ හැඟීමයි.
ජනතා මනාපයට..... ජනතාවට සැලකීම
226ක්ම සම්පූර්ණ කළ යුතුයි.
අපිත් මොහුට කැමැත්තෙන් හිටියා. මෙවැනි තරුණ දේශපාලනඥයින් රටේ අනාගතයට හොඳයි කියූ නමුත් දැන් එහි අනික් පැත්ත... මෙවැනි අය දැන් පිළිකුල් සහගතයි. මෙවන් පුද්ගලයින් තමන් සහ තම පවුල පමණයැයි සිතන අයවලුනි. සාමාන්‍ය මහජනයා මෙන් නොව මොවුන් රාජ්‍ය නියෝජිතයින් බැවින් රාජකාරිවලට බැඳී සිටී. මොවුන්ගේ වේතනයේ සිට සෑම සුඛ විහරණයකටම මුදල් ගෙවන්නේ රටේ ජනතාව බැවින් සාමාන්‍ය අහිංසක දුප්පත් මනුෂ්‍යයෙක් වුනත් හන්දියක කඩයකට විත් රේඩියෝවෙන් හෝ එහි සිටි මිනිසුන්ගෙන් හෝ යමක් කන වැටුණු විට ගෙදර යනකන් මග දෙපස අයවලුන් වත් දැනුවත් කරයි. අනේ හරීන් එවන් අයගෙන් වත් අඩුගානේ දැනුමක් ලබාගන්න. මෙසේ ගියොත් ඔබ හට දේශපාලන අනාගතයක් නැතිවිය හැකිය. දේශපාලන කුලල් කෑම මත ඔබ ආත්මාර්තකාමීත්වයක් පෙන්වා ඇත. ලැජ්ජයි නේද හරින් මැතින්දේ?
හරි පුදුමයි..... රජයේ කැබිනට් ඇමති කෙනෙක්ගේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන් දන්නේ නැහැ.... තාත්තා දැනගත්ත නිසා හොඳින් බේරුණා.... තාත්තාට මේ ගැන කිව්වේ කවුද?
ඇයි ?හරීන් විතරක්.. ඕක කලින් දැනගෙන ඉන්න ඇති ඔය මී හරක් 225. එකනේ එක්කෙනෙක්වත් පල්ලිවලට නිකමටවත් ගිහින් නැත්තේ. අනික ඔය 225 න් හුගක් අය සති අන්තේ ඉන්නේ ශ්‍රැංග්‍රිලා, සිනමන්ඩ් ග්‍රෑන්ඩ් වැනි හෝටල් වල පුදුමයි.. මේ සැරේ කවුරුත් නැහැ. සිද්ධිය අහපු ගමන් මන් හිතුවේ 225 හෙන් කවුරු හරි නැති වෙලා කියල.
පිටරට ඉන්න ලාංකිකයන් හැටියට අපි නම් දැන් කරන්නේ විපතට පත් මිනිස්සුන්ට හැකි පමණින් උදව් කරනවා. එක එක්කෙනාගේ මව්පියන්ගේ වගතුග හොයමින් කල් මරන්න අපිට වෙලාවක් නැහැ. මේ වෙලාවේ කරන්න ඕන මොකද්ද කියා දැනගෙන දුරදර්ශිව සිහි කල්පනාවෙන් වැඩ නොකලොත් ලාංකිකයන් හැටියට අපිට තවත් වරදීවි. දැන් මේ වෙච්ච ටික මදිද .