(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද(20) ප්‍රශ්න කළේය.
එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිලමතයද ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:
ඒක කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා:
ඒ කතාව සම්පූර්ණයෙන්ම බැලුවනම් කියපු දේ හොඳට තේරෙනවා. ඉන්දියාව ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්නලා ලංකාවට එන්න කියලා ආරාධනා කරපු කතාවක් ඒක.
සමාජ මාධ්‍යවලින් වචන එකතු කරලා කපල විකෘති කරලා. සම්පූර්ණ කතාව ඇහුවනම් ගැටලුව නිවැරදි කරගන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ කතා වෙච්ච කාරණයක් නොවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ නිලමතයද ඔහුගේ පෞද්ගලික මතයද නොව ඉන්දියාවට ගොස් ලකුණු දමාගැනීමට කල බොලද ප්‍රකාශයක්. ඔහුගේ සහ වෙනත් අයගේ ප්‍රකාශවලට පිලිතුරු ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වන්න. සත්‍ය වශයෙන්ම දේශපාලනය කලද දේශපාලනය පිලිබදව පමණක් නොව ඔහු, ඔහු කවුරුන්ද කියාවත් හදුනාගෙන නැති පුද්ගලයෙක්. මෙවැනි ප්‍රක්ෂවලින් ම පේනවා මේ අයගේ හැකියාවන් සහ ක්‍රියාකාරකම්..
ඒ නිවට නියාලු මතය හරීන්ගේ විතරක් නෙවෙයි , පිනට ඔටුලාගත් අයගේත් මතය.
දැන් බොරුවට උඩු බිරුවට වැඩ බැරි වැඩකට නැති පිනාව බලයට ගෙන එන්න ඇත ඉස්සුවා හැම එකාම ඕවට වග කියන්න ඕන