IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිරුනිකාගේ ඇපෑලට එරෙහි විරෝධතා බාරදෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම කර ඇති තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා නීතීපතිවරයා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතාට අද (11) බාර් දුන්නේය.

වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයිද අදාළ අභියාචනය විභාග කර තීන්දුවක් දෙනතුරු තමන්ට ඇප නියම කරන්නැයිද ඉල්ලමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය කැඳවු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ විශ්ව විජේසූරිය මහතා අදාළ විරෝධතා ලිඛිතව ඉදිරිපත් කළේය.

අදාළ තීන්දුවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

නඩුවේ මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් වශයෙන් කටයුතු කළ ආරක්‍ෂක නිලධාරීන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇයට එරෙහි අධිචෝදන 19න් 18කටම ඇය වැරදිකාරිය බව තීරණය කරමින් ඇයට දඬුවම් නියම කෙරිණී.



අදහස් (2)

හිරුනිකාගේ ඇපෑලට එරෙහි විරෝධතා බාරදෙයි

sarath Friday, 12 July 2024 06:22 AM

ඔය වට්ටි අම්මට අවුරුදු 3 හිරේ ඉන්න දෙන්න . තිබුණු ඇම්ම හොඳ වෙන්නේ එතකොටයි .

:       1       1

B Amarasinghe Friday, 12 July 2024 10:07 AM

නීතිපති දෙපාර්තමේන්තුව හරි කාර්‍යක්ෂමයි නේ. පාස්කු ප්‍රහාර නඩු වගේම අනික් ඒවාටත් එසේම වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site