(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී , එංගලන්තය බලා පැන යාමට පැමිණි චැඩ් ජාතික ගුරුවරයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කර තිබේ .
31 හැවිරිදි මොහු සෞදි අරාබියේ අරාබි භාෂාව උගන්වන චැඩ් ජාතික ගුරුවරයෙකි .
මොහු කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 න ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු සිය ආගමන නිශ්කාශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ආගමන විගමන නිලධාරී කවුළුව වෙත තම කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි භාර දී තිබේ .
එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය ප්‍රමිතියකින් තොරව සකස් කර ඇති බවට එහි සේවය කළ නිලධාරීවරයාට හැගී ගිය බැවින් , මෙම ගුවන් මගියා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .
එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් චැඩ් ජාතිකයෙකු බවත් , තමන්ට මෙම ගුවන් ගමන් බලපත්‍රය තම සහෝදරයෙකු විසින් සකස් කර දුන් බවත් ප්‍රකාශ කර තිබේ .
එසේම තමන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ දින 05 කට පසුව එංගලන්තය බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව ද එහිදී මෙම චැඩ් ජාතිකයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ .
ඒ අනුව මෙම චැඩ් ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සදහා කටාර් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි
Perera Sunday, 13 August 2023 02:58 PM
ගුවන් ගමන් බලපත්‍රය කියන්නේ මොකක්ද? දැන් රටකින් රටකට නැවෙන් යනවා නම් නැව් ගමන් බලපත්‍රයක් ගන්න ඕනද? එතකොට පාස්පෝට් එකට සිංහලෙන් කියන්නේ මොකක්ද? විදේශ ගමන් බලපත්‍රය ට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?