
(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමනය වීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනකු මාරවිල ලැගුම් හලකින් සහ හලාවත මුහුදු ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නවික හමුදාව කියයි.
මාරවිල පොලිසිය හා නාවික හමුදා එක්ව අද (8) මාරවල ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේ නීති විරෝධීව සංක්‍රමනයවීම සදහා එහි රැඳී සිටි 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර නාවික හමුදාව ඊයේ රාත්‍රියේ හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බහුදින යාත්‍රාවකින් මෙරටින් සංක්‍රමය වීමට උත්සහ කළ තවත් පුද්ගලයන් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලැගුම් හලින් අත්අඩංගුවට ගත් පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මාරවිල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් මාරවිල පොලිසියට බාර දී ඇත.
හලාවත මුහුදේ දී අත්අඩංගුවට ගත් පිරිස මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකූණාමලය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් කොළඹ වරාය පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින රටකට ඒ අසරණ මිනිස්සුන්ට පැනගන්න ඉඩ දියල්ලා මිනිසුනේ. මොකද, ලංකාව කියන්නේ ආයේ අමුතුවෙන් ලෝකයා ඉදිරියේ හෑල්ලු වෙන්න දෙයක් ඉතුරුවෙලා තියන රටක් නෙමේනේ.. දැන්ම සරණාගතයින් ලෙස හෝ වෙන රටකට පැන ගත්තොත්, ඒකත් ලොකු ජයග්‍රහණයක්. අඩුතරමේ කාලා හරි ජීවත් වෙන්න පුළුවන් වෙයි ඒ රටවල... මේ කොහෙද ඉඳලා ආපු මෝඩයෙක් ලංකාවේ ගොවියාව මහපාරට ඇද දමා කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම විනාශ කළා. චීනගේ අසූචි පොහොර වලින් වගාවන් සාර්ථක වුණාද? අඩුගානේ තුන්වේලම බතුයි, සම්බෝලයි කාලා බඩ පුරෝගෙන උන්නු ජනතාවගේ කෑම වේලා මෙයා ඇවිත් නැති කළා. ඔය මහලොකු රණවිරුවන් කියාගන්නා පාලකයින්ගේ මුරකාරයින් පඩි ලබන්නේ අසරණ ජනතාවගේ බදු මුදලින් බව තේරුම් අරගෙන වැඩ කෙරුවොත් හොඳයි. නැත්නම් ඔය ගන්න වැටුපෙන් වගතුවක් වෙන එකක් නැහැ.
කරුණාකරලා මේ නරා වලෙන් යන කෙනෙකුට යන්න දෙන්න... මේ රටේ ඉඳලා බඩගින්නේ මැරෙන්න කියලාද කියන්නේ..?
ඔවුන්ට යන්න ඉඩ දෙන්න, ඔවුන් උත්සාහ කරන්නෙ ජීවත්වීමටයි.