
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයකින් ඩීසල් සොරකම් කළ බව කියන ප්‍රාදේශීය සභාවේ සුලු සේවකයින් තිදෙනෙකු අද(21) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් උපුල් යාපා මහතා හල්දුම්මුල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ සවි කර ඇති සී.සී.ටී.වී.දර්ශන පරීක්ෂාවට ලක් කළ පොලීසිය සභාවේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවෙකු, මුරකරු,සහ තවත් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං රස්සාවත් නැති කරගෙන සිර දඬුවමුත් විඳපල්ලාකෝ...! හොරකම් කරනවා නම් මහ බැංකු කොල්ලය වගේ මහා පරිමාණයෙන් කරන්න ඕනෑ. එතකොටනේ සමාජයේ පිළිගැනීමක් සමඟ දඬුවමුත් අහිමි වෙන්නේ...