IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි ග්‍රෑන්ඩ්පාස්වලදී මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ  රුපියල් කෝටි 130ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද සමග  විශේෂ කාර්ය බලකාය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි දුම්වැටි හාර ලක්ෂ 20000 ට අධික ප්‍රමානයක් ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනර්  රථයකින් ප්‍රවාහනය කරන බවට.විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් කැළණිතිස්ස බලාගාරය ආසන්න පාරෙදි මෙම කන්ටේනර් රථය නවතා පරීක්ෂාවට ලක් කර ඇත.

කන්ටේනර් රථය පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම දුම්වැටි තොගය සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දුම්වැටිය තුවය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මාකොළ ප්‍රදේශයේ පදිංචි  (62) හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම දුම්වැටි තොගය රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති  බවද කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ  සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර  යන මහත්වරුන්ගේ උපදෙස් මත.

සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ ඇතුළු  නිලධාරීන් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් දුම්වැටි සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසියට බාර දී ඇත.



අදහස් (0)

හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි ග්‍රෑන්ඩ්පාස්වලදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site