(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කර ව්‍යාජ අංක තහඩු සවිකළ ජිප් රථයක් ධාවනය කරවමින් සිටි ව්‍යාපාරිකයකු දැරණියගල ප්‍රදේශයේ පානදුර වලාන මාධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රුපියල් ලක්ෂ 80ට අධික වටිනාකමකින් යුත් මෙම සුපිරි ජිප් රථය ව්‍යාජ අංකය යොදා ධාවනය කරන බවට ලද තොරතුරකට අනුව දැරණියගල සමන් දේවාල පාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි දැරණියගල ව්‍යාපාරිකයෙකි.
මොහු වෙනත් ජිප් රථයක අංකය ඔහුගේ ජිප් රථයේ සවිකර තිබු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd