(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රවීන්ද්‍ර ලියනගේ)
මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සඳහා සැගවී සිටි පිරිසක් වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැදී සිටි 16ක් අද ( 20 ) අලුයම අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර මොවුන් අතර අඹුසැමි යුවළක් සමග ඔවුන්ගේ කුඩා දරුවන් ද සිටින බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යාමට සිටි බව පොලිසියට පාපෝච්චාරණය කර තිබේ .
අත්අඩංගුවට ගත් සියලු දෙනා සිංහල ජාතිකයින් වන අතර මෙම පිරිස මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියත් වනසපු මේ පළාතේ අය දැන් ඔස්ට්‍රේලියාවත් වනසයි.
ඉන්න හිතෙන රටක් සාදා දෙනතුරු ඉවසන්න.
අද මුහුදේ පීනලා හරි මිනිසුන් රටෙන් පනින්ට හදන්නේ ලංකාවේ අනාගතයක් නැති නිසයි. එම නිසා කරුණාකරලා මේ අයට යන තැනකට යන්න දෙන්න.
පව් අසරණ මිනිස්සු.. කිසිම සරණක් නැති අයට අධිකරණයෙන් දඬුවම් දුන්නොත්. ඔවුන් තවත් අසරණ වෙනවා.