( කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බදින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවකු වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් සිටි පුද්ගලයා අලුත් අවුරුදු නිවාඩු කාලයෙන් පසු දින කිහිපයකට පෙර රැකියාව සදහා එම ස්ථානයට පැමිණ ඇති බවත් එම පුද්ගලයාට දවසේ වියදම සදහා කොන්ත්‍රාත් සමාගම විසින් ලබා දෙනු ලබන රුපියල් දහසක මුදලින් රුපියල් තුන් සියයක් වැය කර කෑම පාර්සලයක් මිලදී ගෙන ඉතිරි මුදලින් මත්පැන් පානය කර ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd