IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හරිත තාක්ෂණ සංවර්ධනයෙන් නව වටිනාකම් නිර්මාණය කරමු - Huawei හි Ryan Ding

Huawel හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්‍යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලු‍ම තාක්ෂණික සංවර්ධකයන් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්‍රමුඛතාවක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. 

”‍Green ICT for New Value” තේමාවෙන් කතාවක් පැවැත් වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් අතර කාලසීමාවේ දී, කාබන් විමෝචනය වැඩි වීම ගෝලීය ගැටලු‍වක් බවට පත්වනු ඇති බවත්, බලශක්ති කාර්යක්ෂමතාවෙන් එම ගැටලු‍වට විසඳුම් කඩිනමින් දියත් කළ යුතු බවත්ය.

පර්යේෂණ දත්තවලට අනුව, ඩිජිටල් සේවා මගින් ජනනය වන data traffic ප්‍රමාණයන්, 2020 වසරට වඩා 2030 වසරේ, 13 ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙයින් අදහස් කරන්නේ බලශක්ති කාර්යක්ෂමතාව සංවර්ධනය නොකළහොත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ බලශක්ති පරිභෝජනය සහ කාබන් විමෝචනය දෙතුන් ගුණයකින් වැඩි වියහැකි බවයි. 

ITU ට අනුව, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) පැරිස් ගිවිසුමේ ඉලක්කය සපුරාලීමට නම්, ICT කර්මාන්තයට 2030 වන විට එහි කාබන් විමෝචනය අවම වශයෙන් සියයට 45 කින් අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

Ding මහතා පවසන පරිදි, අපි දැන් පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී සිටිනවා: වැඩි වශයෙන් කර්මාන්ත ඩිජිටල්කරණය වෙමින් පවතින බැවින්, දත්ත සඳහා ඉල්ලු‍ම තියුණු ලෙස ඉහළ යනු ඇත, එය බලශක්ති පරිභෝජනය ඉහළ යාමට හේතු වනවා. මේ අතර, මුළු ලෝකයම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට කටයුතු කරමින් සිටින අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය ද කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කළ යුතුයි. බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ක්‍රියාකරුවන්ට තුන් ආකාරයකින් ප්‍රතිලාභ ලබා දෙනු ඇති අතර, මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, green sites, green networks, සහ green operations යන විසඳුම් වෙත ක්‍රියාකරුවන් කඩිනමින්ම මාරුවිය යුතුයි.”‍

Huawei විසින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති අතර, බලශක්ති කාර්යක්ෂමතාව වඩාත් කළමනාකරණය කරමින්, ප්‍රශස්තකරණ ප්‍රතිපත්ති උත්පාදනය කිරීම සඳහා Huawei හඳුන්වා දී ඇති විසඳුම් විශේෂ වේ. මේ වන විට,  මෙම හරිත සංවර්ධන විසඳුම් රටවල් 100 කට වැඩි ගණනක ක්‍රියාකරුවන් විසින් සිය මෙහෙයුම් හා ඒකාබද්ධ කර තිබීම විශේෂ වේ.

595



අදහස් (0)

හරිත තාක්ෂණ සංවර්ධනයෙන් නව වටිනාකම් නිර්මාණය කරමු - Huawei හි Ryan Ding

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 437 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site