IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


’’හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා’’

(අංජුල මහික වීරරත්න)

තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව කියන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බව වැඩි දුරටත් පවසයි.

 



අදහස් (20)

’’හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා’’

චන්දිම Thursday, 23 June 2022 07:43 AM

චායා රුප කතාව කොහොම වෙතත් මේ ගෑනු කෙනා අර සාරි ඇඳන් තාප්ප උඩ නැගගෙන කෑගහපු විදිය දැක්කහම මටනම් හිතුනේ මේ වගේ මෝඩ මිනිස්සුනේ මේ රටේ පාර්ලිමීන්තුවේ ඉඳලා තියෙන්නෙත් දැනට ඉන්නෙත් කියාලා. එයාගේ මහත්තයට වත් ලැජ්ජාවක් නැද්ද තමන්ගේ බිරිඳ මෝඩ පිස්සු ගෑනියෙක් වගේ දඟලන කොට. මහත්තයාගේ යාලුවෝ එයාට හිනා වෙන්නේ නැද්ද මෙයා කරන මේ විකාර වලට.

:       24       90

බද්රානි Friday, 24 June 2022 09:24 PM

අනේ යනවා චන්දිම, මෙතන නිකම්, ඔහේ බබා වෙන්නේ නැතිව. නමට පිරිමි වුණු ඔහෙලාට වඩා හිරුණිකාට කොන්දක් තියෙනවා. දැන් ඔය මහ පුටුවෙයි, පාර්ලිමේන්තුවේයි ඉන්නේ උගත් බුද්ධිමත් මහලොකු ප්‍රාඥයින්ද? අනික ඔහේ හිරුණිකාගේ මහත්තයා ගැන මෙතන කියවන්න එන්නේ, ඔහේගේ බිරිඳගෙන් ඇහුවා නම් කියයි ඔහේගේ කෙරුවාවේ තරම. පිටරටවලට ගැහැණු විකුනලා ඩොලර් උපයන පිරිමි ඉන්න රටේ පිම්පියන් ගැන මම මෙතන මුකුත් ලියන්නේ නැහැ.. ලැජ්ජයි ඔහෙලා වගේ අය ගැන!!

:       14       12

ජනක Thursday, 23 June 2022 07:47 AM

ඔබතුමා ලක් අම්ම කෙලෙසීම නවත්වන්න

:       14       15

මැක්ස් Thursday, 23 June 2022 08:27 AM

එලෙසම ඒ කාන්තාවත් තම මාතෘත්වයට කැළලක් නොවන ලෙස හැසිරෙන්නේ නම් අගෙයි.

:       13       44

Gihan Thursday, 23 June 2022 09:59 AM

වෙන අයගේ පින්තූර ගැන වැඩක් නෑ. ඔයා කයිවාරු ගහගෙන කරන්න ආපු වැඩේ කරන්න. ඒක බැරිවෙලා පචවේගෙන එනකොට වෙන වෙන ඒවාට පැනල ලකුණු ගන්න හදනවා . ඔයාට හිරුනිකට දාපු පින්තූර පේනවා , ඔයාට දාන පින්තූර පෙන්නේ නෑ . අන්න ඒවාට උත්තර දෙන්න . පිං අගමැති . ලැජ්ජාව ගෑවිලාවත් නෑ..

:       30       21

මඩේ උපන් අනර්කලී Thursday, 23 June 2022 10:23 AM

එහෙනම් හිරුනිකාට දේශපාලනයට නොඑන්න තිබුණා....

:       3       32

කිරි පුතා Thursday, 23 June 2022 10:57 AM

හිරුනිකාගේ මාතෘත්වයට නෙවෙයි, ඇයට කියන්න මාතෘත්වයට අපහාස නොකරන.ලෙස.

:       11       23

hesa Thursday, 23 June 2022 10:57 AM

" මාතෘත්වයට අපහාස කරන්න එපා " 100% එකඟයි අගමැති තුමනි.. මේ තේමාවට, facebook , youtube ඇතුළු මාධ්‍ය තුලින් පල කරන comments වලින් මාතෘත්වයට කරන නින්දා අපහාස සියල්ලක්ම ඇතුලත් විය යුතු බවත්, එම අපහාසාත්මක comments සඳහන් ගිණුම් වහාම අවලංගු කරන නීතියක්ද ඔබතුමා මූලිකව පැනවීමත් ඉතා අගේ කොට සලකමි. ඔබතුමාට ඡය!

:       8       9

JAYATH Thursday, 23 June 2022 11:29 AM

රනිල් ගේ ලිබරල් දේශපාලන චින්තනයත් එක්ක මම සීයට සීයක් එකග නැහැ නමුත් මේ සිද්දියේදී ඔහුගේ මේ ප්‍රකාශයට මම හිස නමා ආචර කරනවා .මේ කතාව ගොබ්බ නන්දය එහෙම කිව්වනම් කියන්නේ " ඔය ඇවිල්ල තියෙන්නේ හ හ් ... හ හ් (අර ගොන් හිනාව ) මට විරුද්ද වෙලා ........හ හ් හ හ් (ගොබ්බ හිනාව )

:       6       15

ranjith Thursday, 23 June 2022 01:06 PM

කඩගානේ ඇවිදලා ආවේ කිසිම කඩේක හාල් ටිකක් ගන්න නෑ. බොරු පම්පෝරි ගහන්නේ නැතිව, මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතිව පුළුවන් කෙනෙකුට දීලා යන්න පින්සිද්ද වෙයි..

:       0       3

s. sumanasekera Thursday, 23 June 2022 01:08 PM

විශිෂ්ඨ ප්‍රතිචාරයක්... සහ වෘත්තීමය ක්‍රමයක්...

:       1       0

Abdul Nasar Thursday, 23 June 2022 01:13 PM

අන්න නියම මහත්මා ගුණය. රෙස්පෙක්ට් PM

:       6       16

gagana Thursday, 23 June 2022 01:42 PM

මාතෘත්වය රැකගෙන ඉන්න දැනගන්නත් ඕනෙ. මොකක්හරිවෙල ඔය යුද්දෙ අස්සෙ රෙද්ද කැඩිල බිම වැටුනම් මාතෘත්වය නිකන් පීතෲ වෙලා යනව නෙ?

:       6       17

ජගත් ලියනගේ Thursday, 23 June 2022 01:44 PM

අපි මෙච්චර දවසක් හිතා ගෙන හිටියේ ඔබතුමා දන්නේ පීතෘත්වය පමණක් කියල.

:       2       1

darma Thursday, 23 June 2022 03:50 PM

සම්පුර්ණ ඇත්ත. ගෑනියෙක්ගේ පපුව පොඩ්ඩක් දැක්කොත් ඒකෙන් ආතල් ගන්නා අසහන කාරයෝ සෙට් එකක් ෆේස්බුක් එකේ ඉන්නේ. හරියට තමන් ඒවායින් කිරි බිව්වේ නැහැ වගේ.අක්කට නංගිට අම්මට එහෙම ඒවා නැහැ වගේ.

:       4       18

Sameera Thursday, 23 June 2022 06:27 PM

කරුණාකර මේවගේ අයට (හිරුණිකා) ජන්දේ දෙන්න එපා! ඇත්තටම මොවුන් රට විනාශය කරා ගෙනියන රුකඩ!!! මොවුන්ගේ හැසිරීම පෙරපාසැල් ළදරුවෝ වැනිය!

:       13       18

chandima Thursday, 23 June 2022 08:47 PM

අන්න එහෙම ශේප් කරගන්න බලන්න. සංශෝධනේ ළඟ එනවනේ...

:       1       1

චන්දා Thursday, 23 June 2022 11:28 PM

නෙගිටිව් මාකටින්

:       1       2

Bamunuarachchi Friday, 24 June 2022 11:02 AM

එයා මාතෘත්වය රැගන්න විදිහට තමයි අපහාස උපහාස ලැබෙන්නේ.

:       9       16

Bandara Friday, 24 June 2022 06:28 PM

අපේ රටේ ඉන්න අය මෙයාව ආයෙත් බලයට ගෙනාවොත් පුදුමයක් නෙවෙයි..!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 323 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 519 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 369 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 660 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1301 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 616 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site