(ඉන්දිකා රාමනායක සහ ජයමාල් චන්ද්‍රසිරි)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොටුව ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක් ආරම්භ කර ඇත.

ඇය සමග තවත් කාන්තාවන් කීපදෙනකු එක්ව සිටින අතර, ඔවුහු පිවිසුම් දොරටුව ආසන්න බිම හිදිගෙන විරෝධතාවේ නිරතව සිටිති.