IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


හිරුණිකා අත්අඩංගුවට

(ජයමාල් චන්ද්‍රසිරි සහ ඉන්දිකා රාමනායක)

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ  යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කන්තාවන් 14 දෙනකු සිටින බව ද පොලිසිය සඳහන් කරයි.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (36)

හිරුණිකා අත්අඩංගුවට

Sriyan Lanka Monday, 14 November 2022 01:31 PM

නූතන විහාරමහාදේවි ලෙසින් ඉතිහාස ගතවීමට දරන උත්සාහයක්...? ජනාධිපති තනතුරට හෝ අගමැති තනතුරට නම් ආසාවක් නැතිව ඇති..?

:       78       221

senaMonday, 14 November 2022 02:28 PM

ඒ මනුස්සයා කතා කරන්නේ මිනිස්සුන්ගේ බඩගින්න ගැන... ඒක ආණ්ඩුවට ඇලජික්...!

:       217       81

SanthuMonday, 14 November 2022 07:28 PM

එහෙම දෙයක් පිලිගන්න ලංකාවේ මහඡනතාවගෙ ඔලු තාම විකාර වෙලා නැහැ

:       5       22

sisilMonday, 14 November 2022 11:47 PM

හිරුනිකගේ ඉල්ලීම ඉටුවී තිබේ. ඇය ඉල්ලා සිටියේ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තද සිරගෙවල් සියයක දැම්මද කිසිදු බියක් නොමැති බව නොවේද

:       46       19

Prabha Monday, 14 November 2022 02:06 PM

හැසිරීම නම් බින්දුවයි...

:       105       229

BattaMonday, 14 November 2022 02:24 PM

කාගේද?

:       89       40

MUPPETMonday, 14 November 2022 03:06 PM

මැය දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නේද..? මෙහෙමද හැසිරෙන්නේ... තම දරුවන්ට ආදර්ශවත් විදියට... මැයගේ සැමියා බකං නිලාගෙන නිශ්‍ශබ්දව ඉන්නේ ඇයි කියන එකත් ප්‍රහේළිකාවක්....! මැයට වඩා යකඩ ගැහැණු රටට ඉතා ආදර්ශවත් විදියට හැසිරී ඉහළම පුටුවට ඇවිල්ලා රටවෙනුවෙන් දේවල් කළා... මැය පටන්ගත්තේ ගෝල්ෆේස් පිටියෙන්... අද ඉවක් බවක් නැතිව හැසිරෙනවා. දන්නවද දන්නේ නැහැ මැය සමඟ ඔය ගෝල්ෆේස් අරගල කළ කෙනෙක් දින කිහිපයකට කලින් තැටියේ රත්වෙලා ගිය බව...! තුන්වරක්ම වරදවල් කරලා හරිම දඬුවම නොදී අද පේනවා නේද ඔසි ගිය කෙනෙක්ට කූඩුවේ තපින්න වෙලා තියෙන හැටි... මෙයා කී වාරයක් රටට අවිනීත ලෙස හැසිරුණාද..? අශිලාචාර වචන යොදවලා පොලිසිය හෑල්ලු කරලා තියෙනවද කියලා ඔබලම දකින්න ඇති..!

:       111       208

pathiranaMonday, 14 November 2022 05:46 PM

පාලකයෝ විනීතව හැසිරෙනවද? පොලිසිය විනීතව හැසිරෙනවාද? මේ වගේ අවනීතිය රජකරන තැනක ඔය මනුස්සයා ඔය විදිහටවත් විනීත වීම ඉතාමත් අගය කළ යුතු දෙයක්...

:       112       59

උදුම්බරාMonday, 14 November 2022 06:41 PM

ගොළු භාෂාවෙන් මම ලියන්නද පතිර-ණයෝ .... එතකොට පාලකයෝ ඉන්න තැන අර කෝශ කතා ඔයාට උදුම්බරා වගේ වෙන්ඩ ඇති නේද?

:       10       71

Nandasena grTuesday, 15 November 2022 05:40 AM

තැටියේ දවසක තමුනුත් අලු වෙලා යනවා.නිකම් කට තිබ්බ පලියට මිනිස්සුන්ට අපහාස කරන්න එපා හරකෙක් වගේ.ඒ දැරිවි රටට දෙයක් කරන්න ඉදිරිපත් වෙච්ච දක්ෂ දරැවෙක්.තමුන්ලා වගේ දෙන දෙයක් කාලා,වෙන දෙයක් බලාගෙන ඉන්න කාලකණ්ණි නෙමෙයි.මපට් කියන නම නියමෙට ගගැලපෙනවා

:       74       21

Senjee Monday, 14 November 2022 02:45 PM

හිරුනිකාට ඕන උනේ මෙච්චරයී. යාන්තන් ඇති අත් අඩංගුවට ගත්තා. ලබන පාර පෝස්ටරේ දාන්න දෙයක් තියෙනවා.

:       30       165

මහදැන මුත්තා... Monday, 14 November 2022 02:56 PM

පැහැදිලිවම මනාප එකතු කරගැනීමේ අනවරත උත්සාහයක නිරතවන අපේ කාලයේ සුරූපී දේහ විලාසිනිය පෙරටම...

:       34       146

කෝරළගේ Monday, 14 November 2022 03:05 PM

රටේ ජනතාව මර නින්දේ... රට හොරුන්ගෙන් බේරගන්න අභීතව කතාකරන යකඩ ගැහැණියට රටේ ජනතාවම බේරගන්න ඉදිරිපත්විය යුතුයි...!

:       134       50

"මනි-පවුඩර්"Monday, 14 November 2022 04:03 PM

කතාව ඇත්ත..! රටේ ජනතාවම මර නින්දේ... මැගේ පිටේ ගහගෙන ඉන්න පච්චය දැක්කද.... ??

:       16       72

සුදා Monday, 14 November 2022 04:30 PM

කළු ඩිෆෙන්ඩර් රථයක් අරගෙන ඇවිත් බේරා ගත්තොත් හරිද?

:       9       45

sena Monday, 14 November 2022 03:40 PM

මොන රටේ මොන ජනතාවද? ආ මේ කොන්ද පණත් නැති, උද්දච්ච ණයට කන්න දන්න සිංහලයාද? ඔය රට හදන්න නම් තරුණ අයට රට බාරදිය යුතුයි...!

:       97       31

sampath Monday, 14 November 2022 03:42 PM

සුමති ටෙලි සම්මාන උළෙලට නිර්දේශ කරමි...

:       16       81

sunimal Monday, 14 November 2022 05:00 PM

ජාතියක් හැටියට අපට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඇඳුම් නැතිව ජීවත්වීම පමණයි.

:       6       24

ලුම්බිණි Monday, 14 November 2022 05:03 PM

හිරුණිකාගේ වැරැදි තිබෙන්න පුළුවන්... ඒත් මේ තිබෙන මර්දනයට විරුද්ධව මේ කරන දේ අගය කළ යුතුයි...

:       138       49

සමන් Monday, 14 November 2022 06:00 PM

එතකොට එයා කළු ඩිෆෙන්ඩර් යවලා කොල්ලෙක්ව කිඩ්නැප් කරලා එයාට ගහලා මර්ධනය කරපු එක හරිද?

:       20       84

sugathMonday, 14 November 2022 07:11 PM

ඒක වැරදි ඇති, නමුත් දැන් කරන දේ හරි.

:       60       11

Samantha Monday, 14 November 2022 05:57 PM

ඔය මනුස්සයා කොලොන්නාව මන්ත්‍රී කාලේ ඒ පළාත ගං වතුර නිසා බැට කන කොටවත් මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටුණු වෙලාවේ වත් තමුන්ගේ ආසනයේ අය ගැනවත් නොබලපු කෙනෙක්. ඉතින් කොහොමද එයා රටේ බඩගින්න නිවන්න හදන්නේ.

:       7       88

තර්ස්ත මාෂල් Monday, 14 November 2022 10:09 PM

අපේ රටේ ජනතාව කසිප්පු මුදලාලිලා , කුඩ්ඩො, බුකියෝ, නිදන් හොරු ඔක්කොමල රට හදන්න ඇරලා , රටට මේ තත්වය උදාකරල දීල දැන් අඩනවා . දැන් පෙනෙන හැටියට ඊළගට රට හදන්න දෙන්නේ ,නළු නිළියොයි ,තවමත් දෙමව්පියන්ගෙන් යැපෙන සහ ඕන කෙනෙක්ව මිරිකන්න පුළුවන් වැදගත් අම්මණ්ඩිලාටයි . විනයක් ඇති නිර්පාක්ෂික අරගලය හොද දෙයක්, ඒක තමයි ඇත්ත . ඒක විනාස කලේ මේ නොහොබිනා පිරිස . කවදාකවත් දියුණු වෙන රටක් කියල හිතන්න අමාරුයි . .

:       7       37

ගමේ එකාලා Monday, 14 November 2022 10:35 PM

කවුරු මොනවා කිව්වත් හිරුණිකා ජනතාව වෙනුවෙන් මජර දේසපාලනය වෙනුවෙන් පාරට බැසීමයි වැදගත්. එහෙම නොවන්නට දුශිත බලලෝබි දේසපාලුවන්ට බයෙන් තමා ජනතාවට ජීවත් වෙන්ඩ සිද්ද වෙන්නේ ?

:       79       6

Mashi Monday, 14 November 2022 11:31 PM

බලය තියන කාලේ මිනිස්සුන්ට කරපු දේවල් අද මිනිස්සුන්ට අමතක වෙලා.මේ හිරුනිකා හොඳ ගෑනියෙක්ද ?බලයට එන්න තියන කෑදර කම තමයි මේ පෙනෙන්නේ .

:       5       58

මැක්ස් Tuesday, 15 November 2022 12:35 AM

මේ දුෂ්ට කාන්තාවගේ තැත සාර්ථක වී තිබේ. අගයක් නැති පිච්චියකට අගයක් ලැබී තිබේ.

:       7       52

ramani ramanayaka Tuesday, 15 November 2022 03:33 AM

මේ නාඩගම ගැන ගැහැණුන් හැටියට මටත් ලැජ්ජයි.ජාතකයේ කුමක් හෝ දෝෂයක් ඇති .තාත්තා හොඳ මිනිහෙක්ද ?

:       6       51

johanTuesday, 15 November 2022 12:43 PM

ලියන්නෙ ජාතකේ ගැන - ඒ්කෙන්ම තේරෙනව ඔයාගෙ ගෑනු කමයි ලජ්ජාවෙයි තරම.

:       42       2

ගුණරාජා Tuesday, 15 November 2022 07:24 AM

අනේ ෂෝක් අනේ

:       4       5

ජයලත් Tuesday, 15 November 2022 07:38 AM

නියමයි හොඳ වැඩේ

:       2       9

Prase Tuesday, 15 November 2022 10:32 AM

ඒක හොදයි මල කරදර, කාන්වො තමයි හොරකන් දූශන ලමා අපචාර වලට වැඩියෙන් සම්බද

:       0       50

johanTuesday, 15 November 2022 12:54 PM

ඔයාගෙ අම්මත් ඔවට සම්බන්දයිද මොකද එයත් ගැහැනියෙක්නෙ?

:       29       1

chinthaka Tuesday, 15 November 2022 12:18 PM

මන්ත්‍රී වෙලා ඉන්න කාලේ හරියට රටට වැඩ කරපු කෙනෙක්නෙ මෙයා, දන්නෝ දනිති , ගියපාර චන්දෙන් ගෙදර යන්න වුනු ගෑනි ,දැන් එල්ලෙන්න වැලේ වැල් නැතිව කොහෙද යන ගෑණු දෙතුන් දෙනෙක් අල්ලාගෙන පිස්සු නටනවා මොන ක්‍රමේකින් හරි චන්දෙ ගන්න බලන උප්පරවැට්ටි .මෙයාටත් ආවඩන අ ය ඉන්නවනේ

:       1       9

Deepal Nirosh Tuesday, 15 November 2022 12:21 PM

ඔය කිසි කරදරයක් නැහැ නෙව මහ මඟ තපුලලන්නෙ නැතුව සුව පහසුව පාර්ලිමේන්තුවට ගිහින් “මේ අයවැය ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන අයවැයක්“ කියා ප්‍රකාශ කළා නම්. අපල උපද්‍රව සේරම දූරී භූතවෙලා යනවා. ෂුවර්...

:       23       2

Damn Curse and Visual Cringe Tuesday, 15 November 2022 04:09 PM

ශාප ලත් කාන්තාවක් ඡන්ද ටිකක් එකතු කිරීමට ගැලරියට සෙල්ලම් කරයි

:       2       12

Daniel Anton Monday, 21 November 2022 07:31 PM

ප්‍රජා තන්තෘවාදය ලංකාවේ තිබෙන බව තහවුරු කරන්න බැරි නම් මහජනතාව පාරට බහිනවා හැරෙන්න වෙන විකල්ප නැත. අයිතිවාසිකම් බුක්ති විදීම අත්අඩංගු වට පත්වීමට තරම් සුදුසුදැයි යන ප්‍රශ්නය මතූවෙ. එබැවින් මා විරුද්ධ ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 494 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 158 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 688 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 246 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 663 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 346 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1905 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1688 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site