(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදී පලාගොස් සැඟවී සිටි හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී නලින් චින්තක නමැත්තා අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
ඔහු නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.
පහර දීමට සම්බන්ධව වු අනෙක් සැකකරු වන ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන සැකකාර රියදුරා එදිනම අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ පුරප්පාඩුවූ සනත් නිශාන්තගේ ස්ථානය පුරවන්න මෙයාට සුදුසුකම් තියනවා.