IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි

(කේ බුද්ධික කුමාරසිරි)

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.

එලෙස රථ වාහන පරීක්ෂා කරන අතරතුර සැක කටයුතු යතුරු පැදියක් එම ස්ථානයෙන් ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කළත් සැකකරු නොනවත්වා යතුරු පැදිය ඉදිරියට ධාවනය කර පොලිස් නිළධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව සදහා පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී වෙඩි වැදුණු සැකකරු බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ද වන බව පොලිසිය කියයි

 


උදෑසන 6.04

(කේ බුද්ධික කුමාරසිරි)

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු ලබා දුන් තොරතුරකට අනුව ඒ පිළිබදව විමර්ශනය සදහා සැකකරු සමග  පාදුක්ක අංගමුව ප්‍රදේශයට අද (08) අළුයම ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කළ අවස්ථාවේපොලිසිය  එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරකින් බරපතල තුවාල ලැබූ සැකකරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන්  පසු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගුවන් හමුදා සෙබළකු බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (14)

හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි

Bamunuarachchi Monday, 08 April 2024 08:06 AM

අපේ කිසීම විරුද්දත්වයක් අවලාදයක් පව් කියා කීමක් නැත.

:       10       129

RifanMonday, 08 April 2024 12:37 PM

ඇත්ත මේක දැන් දුරදිග ගියා වැඩි දැන්වත් මේ සෙල්ලම අවසාන කරන්න අවශ්‍යයි

:       1       57

nimal mirihanaTuesday, 09 April 2024 12:30 AM

ගොඩක් හොඳයි..

:       0       0

රටවැසියා Monday, 08 April 2024 11:05 AM

මේ වැනි අපරාධයක දි, අපරාධකරුවා පැහැදිලිවම හඳුනාගත් පසුව ක්ෂණිකවම දඩුවම් දීම ප්‍රායෝගිකයි

:       1       53

රංබොඩ Monday, 08 April 2024 11:09 AM

මෙසේ සිදුවිය යුතුමයි. නැත්නම් රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්නට බෑ. හිර ගෙවල් පුරවලා වැඩක් නෑ. ඇතුළට යන කෙනා එළියට එන්නේ හිටියටත් වඩා නරක් වෙලා.

:       0       38

සෙනෙවිරත්න Monday, 08 April 2024 01:16 PM

බමුණු, ඇයි සනීපද?

:       36       1

මංජුල Monday, 08 April 2024 01:19 PM

වරදට දඬුවම නීතිය අනුව දිය යුතුයි, නොනවත්වා ධාවනය කිරීමට දඬුවම මරණයද?

:       43       10

බීරංග කුමාර Monday, 08 April 2024 01:54 PM

මෝටර් පදවන ගමන් කොහොමද වෙඩි තියන්නේ...?

:       27       7

Nihal Monday, 08 April 2024 02:16 PM

වෙල්ඩන්... !

:       3       10

ප්‍රභල Monday, 08 April 2024 04:09 PM

සෙනෙවිරත්න, මන්ජුල, බිංග යන තිදෙනාම එක් අයෙක්ලෙසයි මට නම් හැඟෙන්නේ. ඒ කෙසේවෙතත් සෙනවිරත්න නම් ජා.ජ.බ ප්‍රබල සාමාජිකයෙක්...!

:       2       5

Ruwan Monday, 08 April 2024 08:16 PM

ජෙප්පෝ මේවාට විරුද්ධයි. මොකද ඔවුන් ඉන්නේ මිනීමරුවාගේ පැත්තේ. මරණ දඬුවම නැති රටේ මෙයයි විය යුත්ත...

:       0       0

ධනුෂ්ක Monday, 08 April 2024 09:51 PM

මෙතන අදහස් දාලා තියන කෙනෙකුටත් දවසක අර නාරම්මල මනුස්සයාට වගේ වෙඩි තියලා මේ වගේ දෙයක් කිව්වොත් කොහොමද? එදා ඒක වැරදුනා කොල්ලෝ වීඩියෝ කරපු නිසා.

:       0       0

ධනුෂ්ක Monday, 08 April 2024 09:55 PM

දවසක කොහොමද බමුණාටත් පුද්ගලික තරහකට හරි වැරදීමකින් හරි අර නරම්මල මනුස්සයාට වගේ වෙඩි තියලා, කුඩු අරගෙන ගියා, ආයුධ අරගෙන ගියා, මිනීමරලා ගියා, පාතාල කාරයෙක් කියලා කතාවකුත් ගෙතුවොත් ආසා හිතෙයි...

:       0       0

Bamunuarachchi Wednesday, 10 April 2024 02:54 AM

සෙනවිරත්න වෙඩි කෑවේ බාප්පාද? උන් වෙඩිකන කොට ඔහෙට උණ ගත්තාට අපිට නම් සනීපයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 173 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2062 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site