(ඉන්දීකා රාමනායක)
හමුදා වාහනයකින් මත්කුඩු කිලෝ 45 ක් සමග පසුගියදා හොරණ දී හමුදා සෙබළකු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් හිටපු සෙබළකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොල්පිතිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය හමුදා වෑන්ඉ රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඉකුත් පෙබරවාරි 24 වැනි දින පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අවස්ථාවේ දී එම වෑන් රථයේ හමුදා සෙබළකු සහ හමුදාවෙන් පලාගිය සෙබළකු සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හමුදාපතිවරයාව කෝවීඩ් මර්ධනය කරන්න දාලා... මෙහේ හමුදා සෙබළුන් හා හමුදාවෙන් පැන්න අයත් එකතු වී කුඩු වෙළඳාමේ... හමුදාවේ ඉතිරි ටිකත් වෛද්‍ය සේවයට අනුයුක්ත කොට, ඉස්පිරිතාල වලට දාලා, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශවල අය හමුදාවට බඳවාගෙන ඒ අයට තුවක්කු දී රට රැකීමට බාරදෙමු. ඒ වගේ වැඩ තමයි දැන් මේ යන විදිහට මේ රටට අවශ්‍ය වන්නේ...
අල්ලන කුඩු පොලිසියේ මහත්තුරු බොනවා වෙන්න ඕනේ...