IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හොරාට වෙඩි තැබූ ඕ.අයි.සී ඇතුළු 4ක් ගස්

(දිලීප් ජයසේකර)

වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරනු ලබන අම්බලන්තොට රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල්, තිස්සමහාරාම පදිංචි දැනට විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙකු වන 63 හැවිරිදි ජයන්ති වාසගේ සුසිල් ජයබන්ධු, හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරනු ලබන පොලිස් කොස්තාපල්  දම්මුල්ල බෙලිඅත්ත පදිංචි 51 හැවිරිදි සරඹගේ සිරිල් හා එවකට තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් වරයකු ලෙස කටයුතු කර දැනට සේවයෙන් පහ කර සිටින මහදිවුල්වැව,අඹන්පොල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත නැමති චුදිතයින් තිදෙනාටය.

චුදිතයින් 2005 ජුනි 29 වන දින තිස්සමහාරාම දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේදී සොරකම් තුනක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී රාත්‍රි 12ට පමණ දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා වෙඩි තැබිම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ.පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ දෙබරවැව මාතර වත්ත පදිංචි ලොකු හැන්නදිගේ අමිල මහේෂ් නැමති අයයි.

වැටලිම සිදුකල පොලිස් නිළධාරීන්  සැකකරු නිවසින් එළියට ගෙන දිව යන ලෙස පවසා වෙඩි තබා ගොස් ඇති අතර පසුදින උදෑසන සැකකරු ඒ ආසන්නයේ නිවසක් අසල වෙඩි වැදී මියගොස් සිටියදී තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එවකට තංගල්ල කොට්ඨාශභාරව කටයුතු කළ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි විමර්ෂණ කටයුතු සිදුකෙරුණි.

 



අදහස් (12)

හොරාට වෙඩි තැබූ ඕ.අයි.සී ඇතුළු 4ක් ගස්

fairoos Wednesday, 15 February 2023 02:06 PM

මෙන්න රනඉවිරු ඩඩයම් කරනොවෝ? රට බෙරගන්ඩ යක්ක පුතු එකතුවෙමු

:       37       80

රාණිFriday, 17 February 2023 07:15 PM

බොරුවට කෑ ගහන එකත් මරණ දඬුවම ලැබෙන වරදක් වෙන්න ඕන කියලා හිතෙනවා... මේ වගේ කමෙන්ට් දැක්කාම. ඔයා මෝඩ වුණාට ගොඩක් අය දන්නවා රණවිරු නමේ නියම තේරුම.... ඔයා වැඩකාරයා වෙන්න කෑගැහුවාට ඔයාමයි තප්පුලන්නේ....

:       0       1

නිහාල් Wednesday, 15 February 2023 05:37 PM

ඔක්කොම හොඳයි, වසර 18ක් ගතවුණු එකයි ප්‍රශ්නේ...

:       7       84

සිල්වා Wednesday, 15 February 2023 07:28 PM

රනිල් ආපුගමන් දඩයම් පටන් ගත්තා.

:       40       13

C.K.Lankaputhra Wednesday, 15 February 2023 07:57 PM

ඉතින් ඔය විදිහට මෙරට ඉස්සර කීදෙනෙක් ඝාතනය කරලා තියෙනවාද? මරපු අයට දඬුවම් කළාද?

:       2       57

Ruwan Wednesday, 15 February 2023 09:25 PM

හොඳින් කළා. හොඳ තීරණයක්

:       0       13

Bandara Wednesday, 15 February 2023 10:53 PM

1971 දී 60,000 ක් මැරුව. 1988-89 තවත් 60,000 ක් මාරුව. කෝ පරීක්ෂණ

:       9       12

chinthana Thursday, 16 February 2023 08:48 AM

අහු නොවෙන්න මිනිහෙක් මරාගන්න බැරි නම් ඕවුන් පොලිස් සේවයට සුදුසු ෑ

:       4       6

Bunny Preena Thursday, 16 February 2023 09:57 AM

සැක කරුවන්ට පහර දීමට හෝ අමානුශික ශාරිරික වද බන්ධන දීල බලහත්කාරයෙන් නොකල වරදකටත් පොලිසිය විසින් බලෙන් පුද්යෙකු/පුද්ගලයින් චූදිතයෙක් හෝ චූදිතයන් කරන එක වහාම නවතා දැමිය යුතුයි. පෙර වැරදි කරුවෙකු, යහපත් විදියට ජීවත් උනත්, එම පලාතේ යම් සොරකමක් හෝ යම් සිද්ධියක් උනොත් සාක්කි නැතත්, සම්බන්ද නැතත් පොලිසිය ඉස්සි ඉස්සෙල්ලම කරන්නෙ ඔහුව කුදලගෙන යන එක සහ ඔහුට දිගට හරහට පහර දීල බලෙන් ඔහුමත වරද පටවන එක...

:       0       10

sharm warn Thursday, 16 February 2023 04:47 PM

මදුෂ් ඇතුලු අනිකුත් සැකකරුවන් මලේ හදිසි හෘදයාබාධයකින් ද?

:       2       5

chandima Friday, 17 February 2023 10:16 PM

හොරා අර 240 ට එකතු කරගන්න නාම යෝජනා දෙන්න හිතපු කෙනෙක් වෙන්න ඇති... ඕ.අයි.සී මහත්තයා හොයලා බලලා වෙඩි තියන්න තිබුණනේ..?

:       0       0

වික්‍රමරත්න Saturday, 18 February 2023 09:15 AM

හොරුන්ට ගිය රටක්... කළුතර කඩ 15ක් කඩලා නඩු කතාකරන වෙලාවේ හොරාට ලෝයර් මහත්තුරු 5ක් එකවර කළුතර උසාවයේ ඉදිරිපත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site