(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා සභාව මගින් වැඩ තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස රාජකාරි කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට  විනය පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැන්වා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා ගේ වැඩ මාස 8කට තහනම් කළ බව සඳහන් ලිපියක් තමා වෙත  ලැබුණු අතර එහි පිටපතක් ඔහු රාජකාරිකරන ආයතනයේ ප්‍රධානියට යැවූ බව ද අසේල ගුණවර්ධන මහතා පවසයි.

ආයතන ප්‍රධානියා මැදිහත්වී ඔහු රාජකාරීවලින් ඉවත් කළ යුතුව තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.