
(ටී.කේ.ජී.කපිල)
කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 23 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මොහු කටාර් රාජ්‍යයේ දෝහා බලා පස්වරු 06.40 ට පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 217 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු සිය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මෙම තරුණයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලදී මෙම පෝලන්ත නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව සනාථ වූ අතර, ඉන්පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 40 ක් තැරැව්කරුවෙකුට ලබා දී සකස් කරවා ගත් බව අනාවරණය කර තිබුණි.
ඉන් අනතුරුව තවදුරටත් ඔහු රැගෙන විත් තිබූ අත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සටහන් දෙකක් සහිත තවත් ගමන් බලපත්‍රයක්, ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රාවක් සහ ගල්ෆ් ගුවන් සේවයේ ව්‍යාජ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ඉන්පසුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම තරුණයා අත් අඩංගුවට ගෙන ඔහුගේ කූඨ ලේඛන සියල්ල ද සමග, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූට ලේඛන සකස්කර රට යන්න ගිහින් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්වුණු පුද්ගලයින් ගැන අනන්‍යතාවයක් පුවත්පත්වල පලවුණා. නමුත් එවැනි දේවල් දිගටම සිදුවෙමින් තියෙනවා. මම හිතන්නේ හුඟ දෙනෙක් පත්තර කියවන්නේ නැහැ. රූපවාහිනී නාලිකා තමයි බලන්නේ. එම නාලිකාවල මෙවැනි දේවල් සම්බන්ධව වාර්තා කරනවා අඩුයි. රූපවාහිනී නාලිකා වලත් මෙවැනි දේවල් වාර්තා කරනවා නම් හුඟ දෙනෙක් දැනුවත් වෙයි. වැරැදි දෙයක් කරන්න ඉස්සෙල්ලා දෙපාරක් කල්පනා කරලා යම් තරමකට එවැනි දේවල් වලට පෙළඹෙන එක අඩුවෙයි.
ඇත්ත ලියකියවිලි ඉදිරිපත් කරලාත් එම්බසියෙන් වීසා ගහලා පොත් දෙන්නේ ලක්ෂ 10 ක් 12ක් ඉල්ලනවා මේවා හොයන්න.
ඇත්ත ලියකියවිලි ඉදිරිපත් කරලත් එම්බසියෙන් වීසා ගහලා පාස්පෝට් පොත් ගන්න පගාව දෙන්න ඕන රටක් මේක..!
ඔයිට වැඩිය හොර වැඩ වෙනවා අපේ, රටේ ඒවා අල්ලපියව්...
බැංකුව මංකොල්ල කාපු කෙනා රටින් පැනපු වෙලාවේ ඇල්ලුවාද?