(සමන් විජය බණ්ඩාර)

හිරගෙවල් පිරවීම ආණ්ඩුවේ සාර්ථිකත්වය නොව සමාජ බිදවැටිමේ ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  අරණායක ආසනයේ පැවැති රැස්විමකට සහභාගි වෙමින් පැවැසීය.

අරණායක ආසනයේ පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක සමන් ඇතුගල මහතාගේ ආරාධනයෙන් අරණායක සාමසර කන්දේදී මෙම රැස්වීම පැවැත්විණි.

පසුගිය දවස් වල බන්ධනාගාරයේ සිදු විමක් වුණා. රැදවියෝද නිලධාරීන්ද නොව ජීවිත. එදා කියපු විදිහට ආණ්ඩුවට අනුර කුමාර ජනාධීපතිවරයාට තිබුණා ජිවිත ආරක්ෂා කරන්න. ඒ වගකිව ඉටු කරාද ? මොකක්ද මෙකට හේතු වුනේ. ඇයි සිද්ධිය වේලා පැය 24 ක් යනකම් ක්‍රියා මාර්ගයක් නොගත්තේ. ඇයි තව නිලධාරීන් මරන්න දිලා බලන් හිටියේ. දැන් අධිකරණ ඇමැති කියන විදිහට මේක නිලධාරීයකු පිට පටවලා නිලධාරීයකු එල්ලුන්ගස් යවලා ආණ්ඩුව අත සෝදා ගන්න බැහැ. 45000 කින් විතර හිර ගෙවල් වල පුරවලා.

ගම්වලට ඇවිලා. හැමදාම ටාගට් එකක් ගන්න ඔනෑ කියලා පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනවා. ගම්වල ඉන්න තරුණයන් රිමාඩ් කරනවා. එකට අවශ්‍ය නිතී සම්පාදනය කරලා. රස පරීක්ෂක වාර්තා ඉක්මනට ගෙන්න ඕනේ තාක්ෂණය ගෙන්නේ නැහැ. තාක්ෂණය ගෙනවා වෙනුවට මොකද කලේ.

මහනුවර නගරය මැද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බෝගම්බර බන්ධනාගාරය නැවත සිරගෙයක් බවට පත් කරනවා.

ගාල්ලේ ගිහින් නැවත සිරගෙවල් දානවා. වෙන ආණ්ඩු ගාල්ලට ඇවිත් හෝටෙල් දැම්මේ සංචාරක ව්‍යාපාර ගෙනාවේ ගාල්ලට නුවරට ආයෝජකයන් ගෙනාවේ. මේ ආණ්ඩුව මොනවාද මේ කරන්නේ හිර ගෙවල්.

ආණ්ඩුව හිතනවා නම් හිර ගෙවල් පුරවන එක ආණ්ඩුවේ සාර්ථිකත්වයක් කියලා එක ආණ්ඩුවට වැරදිලා. හිර ගෙවල් පුරවනවා කියලා කියන්නේම සමාජය බිද වැටිලා කියන එකයි.