(නිමන්ති රණසිංහ )
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවකුගේ කුස තුළ තිබී දුම්කොළ සුරුට්ටු 80ක් අද (19) සොයාගත් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම රැඳවියා දුම්කොළ දඩු අඩුවකට දමා තලා කුඩා කොටස් අසූවක් වශයෙන් ගිල දමා තිබූ බවද අතිරේක කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සාලිය ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් අනුව රැඳවියා කිසියම් ස්ථානයකට රැගෙන ගොස් මළපහ කිරීමට සලස්වා මෙම දුම්වැටි 80 එළියට ගෙන තිබිණැයි කියති
මෙම සැකකරු ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී පොලීසිය විසින් තිස්සමහාරාමය වීරවිල ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඔහුට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා බන්ධනාගාර ගත කෙරිණ. ඔහු මෙම ජාවාරම සඳහා බන්ධනාගාර ගතවීමේ අරමුණින් එම වරදෙහි යෙදෙන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු විශ්වාස කරති.
මෙම පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරි නිමල් ශාන්ත මහතාගේ උපදෙස් මත සැකකරු එහි ප්‍රධාන දොරටුව අසල වෙනම සිර සිරමැදිරියක රඳවා තැබීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හරි. ඔය සුරුට්ටු උරන්නෙ කවුද ?