
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තාමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි මහතා 225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයිද හොරා කාලා තිබෙනවා නම් චමින්දගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයි ද කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ හොරකම් කරපු අයගේ ගෙවල් ගිනි තියපු එක සාධාරණයි කියනවා නම් ඒ පැත්තේ එක්කෙනෙකුට වත් ඉන්න ලැබෙන්නේ නැති බවයි.ඔවුන් ගේ ළඟ තිබෙන්නේ මහ බැංකුවෙන් හොරකම් කළ සල්ලි බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් ගත්තු සල්ලි නොවේ නේද?
යහපාලනේ කම්බ හොරු තමයි අනිත් අයට හොරු හොරු කියන්නේ... නැව් ගෙඩි පිටින් ගිලපු අයත් මෙයාලගේ ගජයින් තමයි. බොරුවෙන්ම ජීවත් වෙන අය...
අනේ ප්‍රසන්න මැතිතුමා, මහ බැංකු කට්ටිය ... දැන් ඔයාලගේ අගමැති නේද?
ඔය ගිනි තියපු ඔක්කොම හොරකම් කරපු සල්ලිවලින් හදපුවාද? සමහරු දේශපාලනේට එන්නත් කලින් දෙමව්පියන් හදාපුවා. කොටින්ම විදුර කරපු හොරකම මොකද්ද? කාන්තාවක්, ළමයෙක්, කවුරුවත්ම නැති මේ මනුස්සයාගේ පරම්පරාවේ ගෙදරට ගිනි තිබ්බේ...
ඒක නම් හොඳයි තමයි. ඒත් මොවුන් සේරටම වන්දි ගෙව්වා. ඒකටත් ගියේ මහජන මුදල්...