
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සැකකරුව මාධ්‍යවේදියකු ලෙස පැමිණ ඝාතනය කිරීමට සැලසුමේ කැමරාව තුළ 3.8 අට වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
මෙම අපරාධය සිදුකිරීම සඳහා මාධ්‍යවේදීයකු ලෙස පෙනී සිටීමට නියමිතව සිටි පහත්බිම් හා ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ රියදුරකු පෙරේදා (1) අත්අඩංගුවට ගෙන තිබිණි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රෝහන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී මෙහෙයුම් හා පාලන පි කුමාරදාස මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක අංජන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඉන්දුනීසියාවේ ජාකර්තානුවරදී අත්අඩංගුවට ගෙන දැනට රඳයුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවකු වන නැදුම් ගොඩගේ නිර්මල ප්‍රසන්ග නොහොත් බැකෝ සමන්ත යන සැකකරුගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අධිකරණ භූමිය ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මාධ්‍යවේදියෙකු ලෙස වෙස්ලාගෙන ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ බවත් , එම කැමරාවට ගිනි අවිය බහා සකසා දුන්නේ ගම්පහ උඩුගම්පොල දොඹවල පුද්ගලයකු බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරක්කටා මරන්න කැමරාවට ගිනි අවිය බට් කළ පෑස්සුම් ශිල්පියා මාට්ටු